දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මහවිරු දිනය සමරනවා: එය අපේ අයිතියක්' - සිවාජිලිගම් කියයි
Homeප්‍රවෘත්ති

'මහවිරු දිනය සමරනවා: එය අපේ අයිතියක්' - සිවාජිලිගම් කියයි

PropellerAds

යුද්ධය අවසන්වීමට පෙර කොටි සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි සමරන ලද මහවිරු දිනය මෙවර ද තමන් සැමරීමට බලාපොරොත්තු ...

‘සේන මිල්ස්’ පොල්තෙල් වෙලදපලට මුදාහරින්නැයි ප‍්‍රමිතිය රේගුවට දන්වයි.. 26 වැනිදා තිබූ පිලිකාකාරක ඊයේ නැතිවෙලා !
චීන එන්නතට විශේෂඥ දොස්තරලාගේ විරෝධය! අනුමැතිය ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයත් වෙනස් කරලා!!
කැලෑහොරා අපිට එපා.. සීනිහොරා අපිට එපා.. පොල්තෙල් හොරා අපිට එපා - සජිත්ගේ ආණ්ඩුවක් ඉල්ලා විරෝධතා !
'මහවිරු දිනය සමරනවා: එය අපේ අයිතියක්' - සිවාජිලිගම් කියයි

යුද්ධය අවසන්වීමට පෙර කොටි සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි සමරන ලද මහවිරු දිනය මෙවර ද තමන් සැමරීමට බලාපොරොත්තු වන බවත් එය තමන්ගේ අයිතියක් බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ, "දෙමළ ජාතික සන්ධානයෙනුත් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරලා තියෙන්නේ මහවිරු දිනය සමරන්න අවස්ථාව දෙන්න කියලා. එහෙම ඉල්ලීමක් කරන එක වැරදි කියන එක තමයි මගේ මතය.

මහවිරු දිනය සමරන්න අපිට අයිතියක් තියෙනවා. ජවිපෙ කණ්ඩායම 88 සහ 89 මියගිය සාමාජිකයින් අදත් සමරනවා නම් එයාලට අයිතිය තියෙනවා නම්, අපිටත් අයිතිය තියෙනවා කොටි සංවිධානයේ එහෙම මැරිච්ච අය සමරන්න. මේක සැමරුවොත් තමයි අපිට දේශපාලන විසඳුමක් ගන්න පුළුවන්. යුද අපරාධවලටත් අපිට සාධාරණයත් ලැබෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ නිසා මොන විදිහට අපිව බය කරත් අපි සමරනවා. මේ සැමරීම නතර කරන්න බෑ. මේ සැමරීම සිදුකරලා තමයි ඒ අයගේ හිත් වේදනාවන් අඩු කරලා එක්සත් ශ්‍රී ලංකාවක් ඇතුළේ දේශපාලන විසඳුමක් ගන්න දෙමළ, මුස්ලිම් හා සිංහල ජනතාවත් එක්ක එකතු වෙලා තීන්දුවක් ගන්න පුළුවන් වෙන්නේ" යනුවෙනි.

 මේ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ,"සිවාජිලිංගම් කියා සිටින දේ ඇත්තෙන්ම අපිට අනුමත කරන්න බැහැ. එල්.ටී.ටී.ඊ සංවිධානය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. තහනම් කරපු සංවිධානයක්. ඒ නිසා කාටවත් කවදාකවත් එල්.ටී.ටී.ඊ සැමරුමක් කරන්න අපි ඉඩ දෙන්නෙ නැහැ. ඒක කරන්නත් බැහැ. ඒක නීති විරෝධියි. නමුත් මේ යුද්දෙට ගොදුරු වූ ජීවිත නැති වූ කට්ටියව සමරන්න පුලුවන්. නමුත් කොටි සංවිධානය සමරන්නට අපි ඉඩක් දෙන්නෙ නැහැ. එහෙම සැමරුවොත් අපිට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා" ලෙසයි.

කොටි සංවිධානය සෑම වසරකම නොවැම්බර් මස 26වනදා මහවිරු දිනයත් 27 වනදා එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ උපන් දිනයත් යුද්දය අවසන් වීමට පෙර උතුරේ විවිධ ස්ථනායන්හි සමරනු ලැබීය.

වන්නි -  රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29326,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මහවිරු දිනය සමරනවා: එය අපේ අයිතියක්' - සිවාජිලිගම් කියයි
'මහවිරු දිනය සමරනවා: එය අපේ අයිතියක්' - සිවාජිලිගම් කියයි
http://ift.tt/2gcKajg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_960.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_960.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy