දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විශ්ව විද්‍යාල සිසුන් දහදෙනෙකුට චීනයේ අධ්‍යන චාරිකාවක්.

ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සදහා මෙන්ම ඩිජිටල් තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම අරමුණු කර ගනිමින් විදුලි  සංද...


ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සදහා මෙන්ම ඩිජිටල් තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම අරමුණු කර ගනිමින් විදුලි  සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ  හුවාවෙයි  සමග එක්ව "Seeds for future " සමාජ සත්කාර වැඩසටහන යටතේ තෝරාගත් ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකුට චීනයේ අධ්‍යන චාරිකාවක් ලබාදෙමින් එහි සමාරම්බය සනිටුහන් කිරීම පසුගිය (01) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

පසුගිය ( 06 )වන දින චීනය බලා පිටත්ව ගිය මොවුන් පිළිගැනීම ඊයේ (07) දින බීජින්හි Huawei experience centerහිදී චීනයේ ශ්‍රී ලංකානු තානාපති කරැනාසේන කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.මෙම සිසුන්  2016 නොවැම්බර් 19 වනදා දක්වා චීනයේ අධ්‍යන චාරිකාවක නිරතවන අතර හුවාවෙයි විසින් පුර්ණ අනුග්‍රහය දක්වයි.

 දිවයින පුරා පිහිටි සරසවි 8 කින් මෙම සිසුන් 10 දෙනා තෝරා ගෙන ඇති අතර එම සිසුන් තෝරා ගැනීම විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ මෙන්ම හුවාවෙයි හි මැදිහත්වීමෙන් සිදුකර තිබේ .මෙම අධ්‍යාපන චාරිකාව අතරතුරදී එම සිසුන්ට  චීනයේ සම්ප්‍රදායික සංස්කෘතිකය, චීන අක්ෂර කලාව,චීන සහ බෙයිජිං භාෂාව බෙයිජිං හි පිහිටි  සංස්කෘතික විශ්වවිද්‍යාලයේදී හැදෑරීමට අවස්ථාව හිමිවෙයි.මිට අමතරව අති නවින  තාක්ෂණය පිළිබද හැදෑරීම සදහා මෙම සිසුන් හුවාවෙයි මුලස්ථානය වෙත යොමුකෙරේ.එහිදී LTE තාක්ෂණය,cloud computing ,ආදී තාක්ෂණය පිළිබඳව චීනයේ ෂෙංෂෑන් හි පිහිටි ඉහළ තාක්ෂණයෙන් පිරිපුන් විද්‍යාගාර තුළදී අත්දැකීම් ලැබීමට අවස්ථාව හිමිවෙයි. නවීනතම තොරතුරු තාක්ෂණික වැඩිදියුණු කිරීම පිළිබඳව හුවාවෙයි විද්‍යාගාර තුළදී හුවාවෙයි හී පළපුරුදු තාක්ෂණික ශිල්පීන් වෙතින් දැනුම සහ අත්දැකිම් ලබාගැනීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂත්වය කි. නවීනතම තොරතුරු තාක්ෂණය පිළිබඳව සජීවී නිදර්ශක රැසක් සමග ප්‍රායෝගික පුහුණුවක් ලැබීමට මෙම චාරිකාව සදහා සහභාගී වන්නන්ට අවස්ථාව හිමි වෙයි.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ මෙරට තොරතුරු තාක්ෂණ  ක්ෂේත්‍රය නැංවීම සදහා හුවාවෙයි හී මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් කෘතඥතාව  පළකරන බවයි.මේ යටතේ  චීන සංචාරය සදහා තෝරාගෙන ඇති සිසුන්ට තොරතුරු තාක්ෂණ විෂයට අදාලව තමන්ගේ කුසලතා වර්ධනය කරගැනීම ඉතා හොද අවස්ථාවක්  හිමිවී ඇති බවත්,තාක්ෂණය සහ කුසලතාවය අතින් ඉතා උසස් දැනුමක් සහ අවබෝධයක් මෙහිදී ලබාගත හැකිබවත් හෙතෙම වැඩි දුරටත් කියයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය නව නිර්මාණවල අවශ්‍යතාව සම්පුර්ණ කරගැනීමට මෙවැනි වැඩසටහන් රුකුලක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසුවේ  සිසුන් තුළ නව ආත්ම ශක්තිය මෙහිදී වර්ධනය වීමනිසා බහු සංස්කෘතික පසුබිමක් තුළ ප්‍රමුඛ රැකියා අවස්ථා හිමි කර ගැනීමට පවා සිසුන්ට හැකියාව ලැබෙන බවත් මෙය ලංකාවෙ ඇතිවෙමින් තිබෙන ඩිජිටල් වෙනසට මහගු පිටුවහලක් වන බවයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශ්ව විද්‍යාල සිසුන් දහදෙනෙකුට චීනයේ අධ්‍යන චාරිකාවක්.
විශ්ව විද්‍යාල සිසුන් දහදෙනෙකුට චීනයේ අධ්‍යන චාරිකාවක්.
http://ift.tt/2fxthSE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_932.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_932.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy