ශ්රී පාද අඩවිය ආසන්නයේ පිහිටි නල්ලතන්නිය පීක්ෆීල්ඞ් වතුයායේ ඉදිකිරීමට යෝජිත හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් ව...
ශ‍්‍රී පාද අඩවිය ආසන්නයේ පිහිටි නල්ලතන්නිය පීක්ෆීල්ඞ් වතුයායේ ඉදිකිරීමට යෝජිත හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් නතර කර තිබෙනවා.
එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ පැවසුවේ ඊයේ (31) දිනයේ එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ නිලධාරීන් විසින් මේ පිළිබඳ වතු අධිකාරීවරයාට දැනුම් දී ඇති බවයි.
මාඋස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මරේ දිය ඇල්ලට ආසන්න වතු යායේ ඇති පැරණි ගොඩනැගිල්ලක් කඩා අලුතින් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීමටයි සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත් මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව අදාළ භූමියේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට අද (01) දිනය තුළ ලබා දී ලිඛිත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි මධ්‍යම පළාත් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.
මෙම හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් ශ‍්‍රී පාදය ආශ‍්‍රිත සංවේදී පරිසර කලාපයේ ජීවත් වන වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව හා ශාක කොටස්වලට දැඩි බලපෑමක් එල්ල වන බවයි පරිසරවේදීන් පවසන්නේ.
පසුව පරිසර අමාත්‍යංශයේ නියෝග මත මධ්‍යම පරිසර අධිකාරිය ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුවයි විශේෂ කණ්ඩායමක් එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ.
COMMENTS