දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්දුල ජීවිතේටවත් සුදු වෑන් එකක් දැකලාම නැතිලු.
Homeදේශපාලන

බන්දුල ජීවිතේටවත් සුදු වෑන් එකක් දැකලාම නැතිලු.

PropellerAds

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ තමන් ඇමතිවරයෙකු ලෙස කටයුතු කළද සුදු වෑන්වලින් පැහැරගෙන ගිය අය ගැන නොදන්නා බවත් සුදු වෑන්වලින් රැගෙන ගිය අය ...

තත්ත්වය භයානකයි: සෑම පුද්ගලයෙකුට කොවිඩ් හැදෙන්න පුළුවන් - රජයෙන් අනතුරු ඇඟවීමක්
සතුටින් සිටි කාන්තාවක් නිසා දුම්රියක් තුළ පිහි ඇනුමක්
දිනකට මරණ 300ක්! මෙරට අවදානම ගැන ආන්දෝලානත්මක හෙළිදරව්වක්

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ තමන් ඇමතිවරයෙකු ලෙස කටයුතු කළද සුදු වෑන්වලින් පැහැරගෙන ගිය අය ගැන නොදන්නා බවත් සුදු වෑන්වලින් රැගෙන ගිය අය ඇත්‍නම් එක් අයෙකු හෝ පෙන්වන ලෙසත් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබේ.

මතබේදයට තුඩු දී ඇති බැඳුම්කර සිද්ධිය ගැන දිගින් දිගටම වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල කරද්දී ඉකුත් ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ කෝප් වාර්තාවලට සිදුවූයේ කුමක්දැයි මාධ්‍යවේදියෙකු එහිදී විමසා සිටියේය.

එවකට විපක්ෂය ශක්තිමත් නොවූ බව මන්ත්‍රීවරයා කියද්දී මාධ්‍යවේදියා පෙන්වාදුන්නේ ඒ ගැන  කතා කළා නම් සුදු වෑන් එකකින් යන්න වෙන බව එවකට විපක්ෂයේ සිටි අය කියන බවයි.

එවිට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යවේදියාගෙන් ඉල්ලා සිටියේ සුදු වෑන් එකකින් ගෙන ගිය එක් අයෙකු කියන ලෙසයි.

"අපි ආණ්ඩුවේ හිටපු ඇමතිවරු ලෙස මේ රටේ සුදු වෑන්වලින් මිනිස්සු උස්සාගෙන ගියා කියලා දන්නේ නැහැ. දන්නවානම් ඇවිල්ලා කියනවා."
ඒ ගැන උසාවියේ නඩු කිහිපයක්ම ඇති බවත්, එසේම ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය හා අතුරුදන්වීමට ඒවායේ සම්බන්ධයක් නැතිදැයි මාධ්‍යවේදියා පෙරළා ප්‍රශ්න කර ඇත.

එහිදී මන්ත්‍රීවරයා පැවසා ඇත්තේ ඒ ගැන පරීක්ෂණ කළ යුතු බවය.

සුදු වෑන් පැහැරගැනීම්...

නාවික හමුදාව විසින් තරුණයන් හා ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීම් හා මරා දැමීම සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණය හමුවේ නඩුවක් පවතින අතර එහිදී එම පැහැරගැනීම් සඳහා සුදු වෑන් යොදාගෙන තිබූ බවද අනාවරණය වී ඇත.

මෙසේ පුද්ගලයින් 28දෙනෙකු පැහැරගෙන ගොස් තිබූ අතර පසුගිය මැතිවරණ සමයේ වනාතමුල්ල ප්‍රදේශයේ නිවසා කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවිත විරෝධතාවලට මූලිකත්වය ගනු ගැබූ වනාතේ සුනිල් නැමැත්තා පැහැරගෙන ගියේද සුදු වෑන් රථයකිනි.

එවකට නාවික හමුදාපතිවරයාව සිටි වසන්ත කරන්නාගොඩ මහතාගේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කළ නේවි සම්පත් නැමැත්තා මූලිකයා කරමින් මෙම සුදු වෑන් පැහැරගැනීම් සිදු කර ඇති බවට මේ වනවිට ඔහු සිදු කර ඇති පාපොච්ඡාරනයන් අනුව හෙළි වී ඇති බව එවකට මාධ්‍ය වාර්තා පළ විය.

නේවි සම්පත් සමග මෙම පැහැරගැනීම්වල මුලින්ම සිටි නාවික හමුදා බුද්ධි අංශයේ සාමාජිකයින් දෙදෙනෙකුද මේ සම්බන්ධයෙන් පාපොච්ඡාරණය කර ඇත.

ආමි සම්පත් නොහොත් සම්පත් මුණසිංහගේ කාමරයේ තිබී අතුරුදන් වූ පුද්ගලයින් හතරදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ඇතුළු විදේශ ගුවන් ගමන් බලපත්‍ර සොයාගෙන තිබූ අතර මෙසේ පැහැරගත් පුද්ගලයින් කොළඹ සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල භූගත සිර මැදිරිවල රඳවා සිටි බවට තොරතුරුද අනාවරණය වී තිබේ.

එමෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ පැහැගැනීම සහ අනුරාධපුරයේ මධුෂ්ක හරිෂ ද සිල්වා යන අය පැහැරෙගන යනු ලැබවේද සුදු වෑන්වලිනි. 
අප මෙලෙස නැවත අනාවරණය කරනු ලැබුවේ බන්දුල ගුණවර්ධන මහතා ඇමති ධුරය දරණ සමයේ පැවති සුදු වෑන් පැහැරගැනීම්වලින් බිඳක් පමණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29414,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්දුල ජීවිතේටවත් සුදු වෑන් එකක් දැකලාම නැතිලු.
බන්දුල ජීවිතේටවත් සුදු වෑන් එකක් දැකලාම නැතිලු.
http://ift.tt/2fBt4PE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_618.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_618.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy