මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් "මල් පොහොට්ටුව" ලාංඡනය යටතේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ...
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් "මල් පොහොට්ටුව" ලාංඡනය යටතේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධවීමේ අදහසක් තමා තුළ නොමැති බව හිටපු අමාත්‍ය, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වෙල්ගම මහතා ඊයේ (07) මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු මෙසේද පැවැසීය.
"මම තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක්. අලුත් පක්ෂයට සම්බන්ධ වීමේ තීරණයක් මා තුළ නැහැ. එය කණ්ඩායමක් වශයෙන් ගත යුතු තීරණයක් කියලයි මා හිතන්නේ. තනිව එම තීරණය මා ගන්නේ නෑ. කෙසේ වුවත් අලුතින් පිහිටුවූ මල් පොහොට්ටුවට ගම් මට්ටමින් හොඳ ජනතා ප්‍රවණාතාවක් තිබෙන බව අපට පෙනී යනවා"
COMMENTS