ලබන වසරේදී පළාත් පාලන ආයතන මැතිවරණයට අමතරව පළාත් සභා 03ක මැතිවරණ පැවැත්වීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශ්‍රප්‍රිය මහත...
ලබන වසරේදී පළාත් පාලන ආයතන මැතිවරණයට අමතරව පළාත් සභා 03ක මැතිවරණ පැවැත්වීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශ්‍රප්‍රිය මහතා පවසයි.
ඒ හේතුවෙන් ඊට අදාළ මුදල් වෙන්කරන ලෙස ඉල්ලීමක් කළ බවත් එම පළාත් පාලන අායතන මැතිවරණ මෙම වසරේදී පැවැත්වීමට සිදුවුවානම් ඒ සඳහා රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කරගෙන තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය.
එහෙත් සීමා නිර්ණ කෝමිෂන් සභාවේ වාර්තාව එළිදක්වා මැතිවරණයට අදාළ සභික ප්‍රමාණය ගැසට් කිරීම තවමත් සිදුකර නොමැති බැවින් මේ වසර තුළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විය නොහැකි බව ඔහු අවධාරණය කළේය.
මේ නිසා ලබන වසර තුළ නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව යන පළාත් සභා මැතිවරණයට අමතරව පළාත් පාලන ආයතන මැතිවරණයක් පැවැත්වෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
COMMENTS