යාපනය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ඉගෙනුම ලබමින් සිටියදී මිය ගිය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන්ගේ අවසන් කටයුතු ඊයේ (24) සවස යාපනය චුන්නාකම් ...
යාපනය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ඉගෙනුම ලබමින් සිටියදී මිය ගිය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන්ගේ අවසන් කටයුතු ඊයේ (24) සවස යාපනය චුන්නාකම් උඩුවිල් මල්වම් ප්‍රදේශයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.
සිසුවාගේ අවසන් කටයුතු අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් ද, යාපනය විශ්වවිද්‍යාල සිසුන් ද, විශාල පිරිසක් එක්ව සිටියේය.
මියගිය සුලක්ෂන් සිසුවා විකට නළුවකු මෙන්ම සමාජ ක්‍රියාකාරියකු ලෙස ද සරසවියේ මෙන්ම උපන් ප්‍රදේශය වූ චුන්නාකම්හී ප්‍රසිද්ධව සිට ඇත.
රිය අනතුරකින් මිය ගියා යැයි පොලිසිය මුලින් ප්‍රකාශ කළද මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ සුලක්ෂන්ට වෙඩිවැදී ඇති බවයි.
මෙම සිදුවීමට සැකපිට පොලිස් නිලධාරීන් 05ක් රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS