හලාවත ප‍්‍රදේශයේ නිවසකදී ඉස්සන් ගොවිපලක් පවත්වා යන මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා. ඔහු හමුවීම සදහා අද පෙරවරුවේ මෝටර් රථයක...
හලාවත ප‍්‍රදේශයේ නිවසකදී ඉස්සන් ගොවිපලක් පවත්වා යන මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා. ඔහු හමුවීම සදහා අද පෙරවරුවේ මෝටර් රථයකින් ඔහුට හිතවත් සිව් දෙනකු පැමිණ ඇති අතර පසුව ඔවුන් එම නිවසේ කාමරයක් තුළදී ඔහුගේ හුස්ම හිරකර මරා දමා එම කාමරයේ බොහෝ තැන්
අවුස්සා දමා පලාගොස් ඇත. ඝාතකයින් නිවසේ අල්මාරි ඇතුළු සියල්ල ඇද දමමින් කිසියම් දෙයක් සොයා ඇති බව දැක ගන්නට ඇත. නිවස තුළ තිබී කිසියම් දෙයක් ඝාතකයින් කොල්ල කන්නට ඇති බවට විශ්වාස කළ හැකි නමුත් ඒ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
ව්‍යාපාරිකයා අන් අයට හමුවන විට ඔහුගේ අත පා මෙන්ම මුහුණද රෙදි වලින් ගැට ගසා තිබී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත - වට්ටක්කල්ලිය, ජුසේ වාස් මාවත පදිංචිව සිටි වර්ණකුලසූරිය නිව්ටන් රෝයි ප්‍රනාන්දු (අවු:44) නම් දෙදෙරු පියෙකි. ඝාතනයට ලක්ව ඇති අයගේ බිරිද මීට මාස 06 කට පමණ පෙර ඔහු අතහැර ගොස් සිටි අයෙකි. ඉස්සන් ගොවිපලක් පවත්වා ගෙන ගොස් ඇති ඔහු ඊට අමතරව මුදල් පොලියට දීමද කරගෙන විත් ඇති බව පොලීසිය කියයි.
මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු වන්නට ඇති බවටද සැකයක් මතුව ඇත.
හලාවත සහකාර පොලිස් අධිකාරී සනත් වික්‍රමසූරිය මහතාගේ උපදෙස් මත හලාවත පොලීසියේ අපරාධ විමර්ශණ අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
තොරතුරු -ජූඩ් සමන්ත

COMMENTS