පසුගියදා ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා නිහතමානීව කළ ප්‍රකාශය සම්බන්ධව සමහර බංකොලොත් දේශපාලනඥයින් සිල්ලර ජනප්‍රියතාවයක් ලබාගැනීමට අසත්...
පසුගියදා ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා නිහතමානීව කළ ප්‍රකාශය සම්බන්ධව සමහර බංකොලොත් දේශපාලනඥයින් සිල්ලර ජනප්‍රියතාවයක් ලබාගැනීමට අසත්‍ය කටකතා පතුරුවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) මතුගම පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වීමකදීය.
ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ මේරටේ යම්කිසි දෙයක් සිදුවන විට, යම් වැදගත් සිදුවීමක් වනවිට රටේ නායකයා වන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිරන්තරයෙන් දැනුවත් කළ යුතු බවත් එය සාධාරණ ප්‍රකාශයක් බවත් අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා," මේ රටේ සෑම කෙනකුටම එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. තමන් ඇමැති කෙනෙක් වුනත් සාමාන්‍ය පුරවැසියෙකු වුනත් තමන් වරදක් කරලා තියෙනවනම් නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ නිසා ඒ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩදෙනවා අපි පක්ෂයක් ආණ්ඩුවක් හැටියට" යනුවෙන් කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා," කෝප් වාර්තාව හදලා ඉදිරිපත් කිරිමේ නිදහස ලබාදීලා තියෙනවා. කෝප් වාර්තාව අනුව කටයුතු කරන්න අධිකරණ ස්වාධිනත්වය හදලා දීලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනකුගේ වරදක් තියෙනවානම් ඒ විදිහට නීතියේ ප්‍රතිපාදන තියෙනවා එයාලයට දඩුවම් ලබාදෙන්න" යැයි ද පැවසීය.
COMMENTS