දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර සිද්ධියේ වාර්තාව: එජාප මන්ත්‍රීන්ගෙන් විගණකාධිපතිට බලපෑම්  
Homeප්‍රවෘත්ති

බැඳුම්කර සිද්ධියේ වාර්තාව: එජාප මන්ත්‍රීන්ගෙන් විගණකාධිපතිට බලපෑම්  

PropellerAds

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාවට ඉදිරිපත් කළ නිර්දේශ ඉවත් කර ගන්නා ලෙසට එම කමිටුවේ සාමාජිකත්වය දරන එක්‌සත් ජාතික පක්‌ෂ ම...

විහිළුකාරයෝ කැබිනට්ටුවේ දාගෙන රටක් හදන්න බෑ. ජනතාව දැනටත් මේක ෆේල් කියනවා - විදුර (VIDEO)
මාර කට්ටක් මාර දුකක් විඳගෙන මිනිස්සුන්ට දඩ ගහන්න වෙහෙසෙන පොලිසියේ මහත්වරු! (PHOTO)
චීන පොහොර සමාගමෙන් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 100ක් ඉල්ලපු තුන් කට්ටුව කව්ද? අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! (VIDEO)
බැඳුම්කර සිද්ධියේ වාර්තාව: එජාප මන්ත්‍රීන්ගෙන් විගණකාධිපතිට බලපෑම්  

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාවට ඉදිරිපත් කළ නිර්දේශ ඉවත් කර ගන්නා ලෙසට එම කමිටුවේ සාමාජිකත්වය දරන එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරුන් විසින් රජයේ විගණකාධිපතිවරයාට කළ බලපෑම්වලට එරෙහි වෙමින් ඊයේ (24) පැවැති කෝප් කමිටු රැස්‌වීමේ මුලසුනෙන් එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත්ව ගොස්‌ තිබේ.

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා වරදකරු කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා සකස්‌ කළ වාර්තාවට අමතරව විකල්ප වාර්තාවක්‌ සකස්‌ කිරීම සඳහා කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන එජාප මන්ත්‍රීවරුන් ඊයේ පෙරවරු 9.30 ට කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක රැස්‌වී ඇතැයි වාර්තාවේ.

කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන එජාප මන්ත්‍රීවරුන් දස දෙනා අතරින් රන්ජන් රාමනායක මහතා ඊයේ රැස්‌වීමට සහභාගි වී නොමැත. 

රජයේ විගණාකාධිපතිවරයා මෙම රැස්‌වීමට කැඳවා තිබූ අතර ඊයේ පෙරවරු 9.30 සිට සවස්‌ වනතුරුම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විගණාකධිපතිවරයා ඉදිරිපත් කර තිබූ නිර්දේශ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාවේදී එජාප මන්ත්‍රීවරු දිගින් දිගටම විගණකාධිපතිවරයාට බලපෑම් කරමින් දැඩිව ප්‍රකාශ කර ඇත්තේ බැඳුම්කර වංචාවට අදාළව විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති නිර්දේශ ඉවත් කරගන්නා ලෙසය.

මේ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දක්‌වා ඇති කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ පස්වරු 5.30 ට පමණ එම බලපෑම් කිරීමට විරෝධය දක්‌වමින් කෝප් රැස්‌වීමෙන් නැගිට ගොස්‌ තිබේ.

කෝප් සභාපති හඳුන්නෙත්ති මහතා පිටව ගිය පසුවද එජාප මන්ත්‍රීවරුන් විගණාකාධිපතිවරයා රඳවා ගනිමින් එම රැස්‌වීම අඛණ්‌ඩව පවත්වා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

2015 පෙබරවාරි මාසයේ සිට මේ වසරේ මැයි මාසය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ බැඳුම්කර නිකුතු පදනම් කරගෙන කෝප් කමිටුව සිය විමර්ශන සිදු කර තිබූ අතර ඒ අනුව කෝප් කමිටු සභාපතිවරයා එහි අවසන් වාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා කමිටුව හමුවට ඉදිරිපත් කළේය. එය පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දෙදින තුළම සාකච්ඡා කර තිබිණි.

එසේ වුවද බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදු කළ විමර්ශන අවසන් වාර්තාව සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජිකයින් අතර පරස්පර මත ඉදිරිපත්ව තිබිණි.

අවසන් වාර්තාවේ නිර්දේශය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුව ඊයේ (24) පැවති සාකච්ඡාවේදී ඇතිවූ සිද්ධිය පිළිබඳ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කෙළේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බවයි.

තමා කෝප් කමිටුවේ සාමාජිකයන්ට ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාවට සංශෝධන එක් කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයන් ප්‍රකාශ කළ බවද හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා පැවසී ය.

ඒ සඳහා තමා අවස්ථාවක් ලබාදී තිබියදී එම වාර්තාව සකස් කිරීමට යෑමේදී රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව සංශෝධනය කිරීමට උත්සාහ කළ නිසා ඊට එකඟ වීමට නොහැකි බැවින් එම උත්සාහයට විරෝධය පළ කරමින් තමා කෝප් කමිටු රැස්වීමෙන් ඉවතට පැමිණි බවද කෝප් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම බැඳුම්කර ගනුදෙනුව ගැන කෝප් කමිටු වාර්තාව සකස් කළේ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කර ගනිමින් බවත්, එහි වගන්ති වෙනස් කිරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවත් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය.

කෙසේ නමුත් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර සිද්ධියේ වාර්තාව: එජාප මන්ත්‍රීන්ගෙන් විගණකාධිපතිට බලපෑම්  
බැඳුම්කර සිද්ධියේ වාර්තාව: එජාප මන්ත්‍රීන්ගෙන් විගණකාධිපතිට බලපෑම්  
http://ift.tt/2dRfODv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_913.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_913.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy