ආණමඩුව - ධර්මපාල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව...
ආණමඩුව - ධර්මපාල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසි පවසයි.
මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ නිරංජන් රංගේ බණ්ඩාර සහ ඩී.එම්.නිලන්ත ප්‍රදීප් රණතුංග නම් දෙදෙනෙකි.
ඊයේ (24) රාත්‍රී 7.30ට පමණ සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ආණමඩුව - වඩිගමංගාව පදිංචිව සිටි 42හැවිරිදි වන්නිනායක තෙන්නකෝන් මුදියන්සේලාගේ ගාමිණී වන්නිනායක නම් අයෙකි.
ඔහු වෙළඳසැලේ සේවය අවසන් කර සිය පාපැදියෙන් නිවස බලා යන අතරතුර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ ජීප් රථයේ ගැටී අනතුරට ලක්වී ඇති බවත් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් පොලීසිය පැවසී ය.
අනතුරට සම්බන්ධ ජීප් රථය පදවා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතු බවට මූලාරම්භයේ වාර්තා පළවූ නමුත් එම රථය පැදවූයේ තමන් බව අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරු පොලීසියට පවසා තිබේ.
අනතුරින් පසු එම රථය නිකවැරටිය දෙසට ධාවනය කරමින් තිබියදී මෙලෙස පොලිස් මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ආණමඩුව දිසා වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර පරීක්ෂා කර ඇතත් ඔවුන් ඒවන විට මත්පැන් පානය කර සිට නොමැති බව එහිදී අනාවරණය වී ඇත.
ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
COMMENTS