ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට අයත් හෝකන්දර ප්‍රදේශයේ නිවෙසේ සිටියදී අබිරහස් ලෙස මියගිය බව කියන 24 හැ...
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට අයත් හෝකන්දර ප්‍රදේශයේ නිවෙසේ සිටියදී අබිරහස් ලෙස මියගිය බව කියන 24 හැවිරිදි ළහිරු ජනිත් දිසානායක නැමැති තරුණයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහල වෙත භාරදෙන ලෙස නුගේගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා ඊයේ (27) නියෝග කළේය.
එම පරීක්ෂණයෙන් පසු එම සිරුර මියගිය තරුණයාගේ මවට භාර දෙන ලෙසටද වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තවද එම සිරුර ආදාහනය නොකර හෝකන්දර පොදු සුසාන භූමියේදී භූමිදානය කරන ලෙසටද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජයවර්ධනපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති එම තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමකට අනුව වැඩ බලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා ඊයේ පෙරවරුවේ ජයවර්ධනපුර රෝහල් මෘත ශරීරාගාරය වෙත ගොස් එම තරුණයාගේ සිරුර පරීක්ෂා කිරීමෙන් පසුව එම නියෝග නිකුත් කළේය.
COMMENTS