මෙවර අයවැය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා හා අදහස් ද ඇතුළත් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජි...
මෙවර අයවැය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා හා අදහස් ද ඇතුළත් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය රජයේ අප්පච්චි ගත් ණය ටික අම්මයි, බාප්පයි, දරුවෝ ටිකයි ගෙවාගෙන යන බවත් ආණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා එම ණය පියවීම සඳහා කළමනාකරණය මැනවින් සිදුකරමින් අවශ්‍ය කටයුතු කරන බවත්ය.
එසේම පසුගිය ආණ්ඩුව සමයේ මෙන් රාජ බිය, චෝල බිය හා ගෝඨාභය බිය දැන් නැති බවද ජනාධිපතිවරයා ශ්‍රීලනිපය කැඩීයාමට නොදී පක්ෂය නිවැරදිව මෙහෙවන බවද, ඔහු පැවසීය.
මෙවර අයවැය සැකසීමේදී ශ්‍රීලනිපයේ අදහස් හා යෝජනා ද ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා තවුසෙකු සමීපයේ සිටි නාගයෙක් කාන්තාවක් විසින් දරමිටියක් බැඳීමට ගනිද්දී පෙණය පුප්පන්නේ නැතිව සිටියාක් මෙන් නොසිට අපි පෙණය පුප්පන බව කියා සිටියේය.
COMMENTS