දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ව්‍යවස්ථා සංශෝධන වගකීමෙන් 90%ක් අවසන් - TNA
Homeප්‍රවෘත්ති

නව ව්‍යවස්ථා සංශෝධන වගකීමෙන් 90%ක් අවසන් - TNA

PropellerAds

රජයේ නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම් වලින් 90%ක් පමණ මේ වන විට අවසන් වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යා...

විග්නේශ්වරන් විවෘත කළ උරුමය සංස්කෘතික මධ්‍යස්ථානය කලක සිට ඉබි යතුරු දමලා
මහවිරු උළෙලට දෙමළ ඊළාම් සිතියම සහිත ඇදුමක් ඇඳගෙන ඇවිත්
ශ්‍රී ලංකාවට වැරැද්දක් කළ බවට ෆේස්බුක් සමාගම පිළිගනී
නව ව්‍යවස්ථා සංශෝධන වගකීමෙන් 90%ක් අවසන් - TNA

රජයේ නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වෙත පැවරී ඇති වගකීම් වලින් 90%ක් පමණ මේ වන විට අවසන් වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (16) වව්නියාව ද්‍රවිඩ එක්සත් පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවති ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටු රැස්වීම අමතමිනි.

දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මගපෙන්වීමට පත්කොට ඇති පාර්ලිමේන්තු කමිටු 21 සහ අනු කමිටු 07ද සිය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් හමාර කොට ඇති බව පැවසූ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරි මාස 02ක ඇතුළත නව ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත එළි දැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවද සදහන් කළේය.

කිසිදු කමිටුවක් මේ අවස්ථාවේදී ගන්නා ලද තීරණ එළි නොදක්වන්නේ රටේ දේශපාලන පක්ෂ එම කරුණු තම දේශපාලන වාසි වෙනුවෙන් යොදාගෙන රට තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට උත්සහා ගන්නා නිසා යැයිද මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියේය.

තවදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කිරීම, රටතුළ බලය බෙදාහැරීම හා නව මැතිවරණ ක්‍රමය පිළිබදව බොහෝ තීන්දු තීරණ නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන බවයි.

මේ සම්බන්ධයෙන් රජය හා කමිටු ද කිසිවක් නොකරන බවට ජනතාව නඟන චෝදනා පදනම් විරහිත බව පැවසූ ඔහු දෙමළ ජාතික සන්ධානයට ඉටු කළ හැකි හා ඉටු කළ යුතු සියළු යුතුකම් හා වගකීම් මේ වන විට ඉටු කොට අවසන්ව ඇතැයි අවධාරණය කළේය.

ඡායාරූප පහතින්.

දිනසේන රතුගමගේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ව්‍යවස්ථා සංශෝධන වගකීමෙන් 90%ක් අවසන් - TNA
නව ව්‍යවස්ථා සංශෝධන වගකීමෙන් 90%ක් අවසන් - TNA
http://ift.tt/2e7rUIt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/90-tna.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/90-tna.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy