දුම්වැටි බද්ධ සියයට අනූව දක්වා ඉහළ නැංවීමට තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි කල් නොයවා සම්මත කර ගැනීමට මැති ඇමතිවරු කටයුතු කළ යු...
දුම්වැටි බද්ධ සියයට අනූව දක්වා ඉහළ නැංවීමට තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි කල් නොයවා සම්මත කර ගැනීමට මැති ඇමතිවරු කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද කළ යුතු කාර්යය හෙටට කල් දමා මුළු මහත් ජාතියම රෝගීන් බවට පත් කිරීමේ ඛේදවාචකයට උර නොදෙන ලෙස ද ජනාධිපතිවරයා සියලූ මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක් වෙමිනි.
ඊයේ (02)ට යෙදී ඇති ජනාධිපතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගින් වෙනුවෙන් ආහාර පාන බෙදා දීම ද මෙහිදී සිදු විය.
රෝහලේ ප‍්‍රතිකාර ලබන දරු දැරියන් සමග උපන්දින කේක් කැපූ ජනාධිපතිවරයා දරු දැරියන්ට සංග‍්‍රහ කළ අතර ඔවුන්ට ත්‍යාග බෙදාදීමට ද එක් විය.
අනතුරුව රෝහලේ ඉදිකරන ලද සයමහල් ගොඩනැඟිලි සංකීර්ණය ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි.
එහි ස්ථාපිත ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය සහ විශේෂ සත්කාර ළමා ඒකකය ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ දුම්වැටි සමාගම්වල අධ්‍යක්ෂවරුන් ඉදිරියේ සිටගෙන නිදහසට කරුණු කීමට සිදු වූ ලෝකයේ එකම සෞඛ්‍ය අමාත්‍යවරයා තමා බවයි.
එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ රටේ ජනතාව තමා ජනාධිපති ධූරය දක්වා ගෙන ආ බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කරනවා සේම රෝග නිවාරණය සහ වැළැක්වීම පිළිබඳව ද අවධානය යොමු කිරීමේ වැදගත්ම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මානව සම්පත් හිඟය පියවීම වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ද කියා සිටියේය.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ෆඞ් කුමාරසිරි යන මහත්වරුන් ද නව ගොඩනැඟිල්ල සඳහා මූල්‍ය පරිත්‍යාග සිදු කළ කිරීම් අන්සාර්, අමීන් අන්සාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS