වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු අල්ලස් කොමිසම විසින් ලඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ආණ්ඩුවක් පවතින විට නියෝජ්‍ය ඇමතිවරයෙකු අත්අඩංග...
වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු අල්ලස් කොමිසම විසින් ලඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ආණ්ඩුවක් පවතින විට නියෝජ්‍ය ඇමතිවරයෙකු අත්අඩංගුවට ගන්නා ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
එහි විමර්ශන සියයට 95කට වඩා අවසන් කර ඇති බවත් එම විමර්ශන අවසන් වූ වහාම අල්ලස් කොමිසම නීතිය හමුවට යන බවත් ඔහු සදහන් කළේය.
එය සුභ ආරංචියක් බවත් යහපාලන ආණ්ඩුවේ වෙනසත් එය බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසමට තුන් වතාවක් ගෙන්වා ප්‍රශ්න කර ඇති බව රන්ජන් රාමනායක මහතා පැවසීය.
තවත් 15දෙනෙකු අල්ලස් කොමිසමට ගෙන්වා ඇති බවත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ වැඩකටයුතු නිවැරදිව සිදු කරන බවත් වැඩිදුරටත් කියාසිටියේය.
COMMENTS