දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවේ ප්‍රබලයෙකු චරිත හේරත්ගෙන් සහය ඉල්ලයි – කෝප් කමිටුව එන්නත් කියයි
Homeප්‍රවෘත්ති

පොහොට්ටුවේ ප්‍රබලයෙකු චරිත හේරත්ගෙන් සහය ඉල්ලයි – කෝප් කමිටුව එන්නත් කියයි

PropellerAds

දූෂණය පිටුදැකීමේ නව නීතිපති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ඒ යටතේ කෝප් කමිටුවට හිමි බලතල ඉහළ යනු ඇති බවත් කෝප් කමිටුවේ සභ...

පොහොට්ටුව ඇතුළේ කැරැල්ලක්! ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ඇතුළු තරුණ මැති ඇමතිවරු පිරිසක් තීන්දුවක් ගනී!
ජලනි ආර්යාවත් ගෝඨාගෙන් සජිත්ට අගමැතිකම ඉල්ලලා!
UPDATE : A 9ක් ගත් මහනුවර සිසුවාට පියා ඉදිරිපිටදීම භූමිතෙල් දමා ගිනි තියා ඇත්තේ එදා අම්පිටියේදී දෙදෙනෙක්ව කුරුසියට තියා ඇණ ගැසූ පිරිසේම අයෙක්! තවමත් සැකකරු නිදැල්ලේ!
දූෂණය පිටුදැකීමේ නව නීතිපති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ඒ යටතේ කෝප් කමිටුවට හිමි බලතල ඉහළ යනු ඇති බවත් කෝප් කමිටුවේ සභාපති මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා. 
දීර්ඝ කාලයක් තිස්සේ මෙරට තුළ වංචාව දූෂණය පිටු දැකීම සම්බන්ධව දීර්ඝ ලෙස කතා කළත් ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව ප්‍රමාණවත් ආකාරයට සකස්කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

උඩුනුවර වැලිගල්ල ප්‍රදේශයේදී මහජන බැංකුවේ ස්වයං සේවා ශාඛාවක් ඊයේ (11) විවෘත කළ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

දැනට පවතින නීතිරීතී යටතේ පසුගිය අවුරුදු 75 පුරාම වංචා දූෂණ සිදුව තිබෙන බවත් ලෝකයේ සෑම රටකම කලින් කලට නීතිමය රාමුව වෙනස් වන බවත් හෙතෙම කියා සිටියා.

ජාත්‍යන්තරය ඉදිරියට යනවිට වංචා දූෂණ පිටු දැකීම සඳහා පවතින නීති ශක්තිමත් කර තිබීම රටක් ලෙස අපිට වැදගත් බවත් අප කටයුතු කරන්නේ මේ ආකාරයට කියන කාරණය ජාත්‍යන්තරයට පෙන්විය යුතු බවත් ඒ මහතා සඳහන් කළා.

රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමව වැඩිකර ගැනීමටත් මෙමගින් අවකාශ සැලසෙන බවද සභාපතිවරයා පැවසුවා.

වංචා දූෂණ පිටුදැකීමේ නව නීති සම්මත වීමත් සමඟ වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කිරීමට කෝප් කමිටුවට හැකියාව ලැබෙන බවද මහචාර්යවරයා අවධාරණය කළා.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා මහාචාර්ය චරිත හේරත් මහතා පසුගිය කාලය තුළ වංචා දූෂණ රැසක් පිළිබඳව හෙළිදරව් කළ බවත් එම වංචා දූෂණ හා සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීම සඳහා කමිටුවට පැමිණෙන ලෙස හා සහාය ලබා දෙන ලෙස ආරාධනාවක් කිරීමට කෝප් කමිටුව තීරණයක් ගෙන තිබෙන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නා.

වංචා දූෂණ වලට අදාළ ෆයිල් ජනතාවට පෙන්වමින් නොසිට අනුර කුමාර දිසානායක මහතා කළ යුත්තේ නීතිඥයෙකු මගින් ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම බවත් නැතහොත් සිදුවන්නේ තවත් වසරක් යනවිට ඊටත් වඩා ලොකු ෆයිල් මිටිය විශාල වීම පමණක් බවත් ඒ මහතා කියා සිටියා.

කෝප් කමිටු සභාපති වශයෙන් සෑම විටකම තරාතිරම නොබලා අපක්ෂපාතිව කටයුතු කරන බවයි හෙතෙම වැඩි දුරටත් පැවසූවේ.

මහනුවර – කමල් සුරවීර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවේ ප්‍රබලයෙකු චරිත හේරත්ගෙන් සහය ඉල්ලයි – කෝප් කමිටුව එන්නත් කියයි
පොහොට්ටුවේ ප්‍රබලයෙකු චරිත හේරත්ගෙන් සහය ඉල්ලයි – කෝප් කමිටුව එන්නත් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0Hr_07iYUbV5a1eMZk8vpjVoovyE2SSVRvS7OzE9cfytWWPv0lJj1P5UCvhFuz4ou9L1rQBn4CR403TaIrpcbfo45GRrXQWGHZfhax7Ozb8mTziO14EPWWQggOO6V7cYzpoTU--qtMhaMBJ9bdPJcYb9Xwtmf6CMpStyFl41f0lqEYPrY7bNuY1KHgg/s320/charitha-herath-cope.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0Hr_07iYUbV5a1eMZk8vpjVoovyE2SSVRvS7OzE9cfytWWPv0lJj1P5UCvhFuz4ou9L1rQBn4CR403TaIrpcbfo45GRrXQWGHZfhax7Ozb8mTziO14EPWWQggOO6V7cYzpoTU--qtMhaMBJ9bdPJcYb9Xwtmf6CMpStyFl41f0lqEYPrY7bNuY1KHgg/s72-c/charitha-herath-cope.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_45.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_45.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy