පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් තුවාල ලබා ඇති පුත්තලම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ප්‍රතිකාර සදහා පුත්තලම ම...
පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් තුවාල ලබා ඇති පුත්තලම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පසුගිය 10 වැනිදා සවස 6.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ පුත්තලම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිල්වා යන අයයි. ඔහුගේ තත්ත්වය බරපතල නොවන නමුත් පාදයකට හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් කරමින් සිටි පුත්තලම පොලීසියට අයත් යතුරු පැදිය ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරට සම්බන්ධ ත්‍රී රෝද රථය තම බාරයට ගෙන එය පැදවූ අයව අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසියේ රථ වාහන අංශය කටයුතු කර ඇත.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
පුත්තලම - ජුඩ් සමන්ත
COMMENTS