ලෝක බලකේන්ද්‍රයේ මීළඟ වේදිකාව ඉන්දියන් සාගරය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ ...
ලෝක බලකේන්ද්‍රයේ මීළඟ වේදිකාව ඉන්දියන් සාගරය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) රාත්‍රියේ සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භ වූ ඉන්දියන් සාගර සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආසියාව දෙසට ගෝලීය බල සංක්‍රාන්තිය සිදුවීමත් සමඟම ආසියානු රටවල් අතර සබඳතාවය තවදුරටත් ශක්තිමත් විය යුතු බවයි.
ඉන්දීය සාගර පාලන නීති පද්ධතියක් ගොඩනගා ගැනීමට හැකි පදනම සකස් කරලීම උදෙසා ඉන්දීය සාගර සමුළුවක් ස්ථාපිත කළ යුතු බවට යෝජනා කළ අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සාගර නීති පද්ධතිය රාජ්‍යයන් අතර අන්තර් ක්‍රියාවන්ට මග පෙන්වමින් ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සහතික කරන්නක් විය යුතු බව ද කියාසිටියේය.
එමෙන්ම කලාපයේ අධ්‍යාපන හා මානව ප්‍රාග්ධන සංවර්ධන සහයෝගිතාව සඳහා වැඩසටහනක් සකස් කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.
රටවල් 21ක් නියෝජනය කරමින් නියෝජිතයින් 250 දෙනෙකු මෙම සමුළුව සඳහා සහභාගී වී සිටී.
COMMENTS