යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු වූ බව ඔප...
යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු වූ බව ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) වත්මන් දේශපාලන තත්ත්වය දැනුම් දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඒ සම්බන්ධව අදහස් දැක්වූ රඹුක්වැල්ල මහතා කියාසිටියේ ජගත් මහලේකම් බෑන් කි මූන් මහතා පසුගිය 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී රජයත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාත් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අවස්ථාවේදී යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම, මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් සොයා බලන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පොරොන්දු වූ බවට අගමැති රනිල් වික්‍රමසිංහ හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.
2009 වසරේ මැයි මාසයේදී යුද්ධය අවසන් වී දින 02ට පසු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කි මූන් මහතා මෙරට සංචාරයක නිරත වූ බවත් එහිදි ඔහු පෙන්වාදුන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන බව කීවද යුද අපරාධ අධිකරණයක් පිහිටුවන බවට කිසිදු අවස්ථාවකදී පොරොන්දු නොවූ බවත් රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට හෝ අදහස් දැක්වීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට අයිතියක් නැතැයි ද ඔහු එහිදි පෙන්වාදුන්නේය.
COMMENTS