දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සරණ සරණ වූනේ කොහොමද...?

මගෙන් ගොඩක් අය ඇහුව දෙයක් තමයි සිඳු එකේ පූසට සරණ කියන නම දැම්මෙ ඇයි කියලා. ඒක අහපු ප්‍රමාණය වැඩි නිසාත් සරණ දැන් ගොඩක් ජනප්‍රිය නිසාත් හේතු...


මගෙන් ගොඩක් අය ඇහුව දෙයක් තමයි සිඳු එකේ පූසට සරණ කියන නම දැම්මෙ ඇයි කියලා. ඒක අහපු ප්‍රමාණය වැඩි නිසාත් සරණ දැන් ගොඩක් ජනප්‍රිය නිසාත් හේතුව කියන්නම්.

ගොඩක් ගෙවල් වල බුදු පිළිම කැඩුණාම මිනිස්සු ඒව ගිහින් දාන්නේ පන්සලේ බෝ ගහ යටට. පූසියෝ දාන අහඹු පැටව් රංචු පිටින් ගිහින් දාන්නේ පන්සල් ඉස්සරහට. නිකං නෙමෙයි පොලිතින් උර වල දාලා. සමහර පැටව් ඒ කවර ඇතුලෙම මැරෙනවා කාගෙවත් නෙත නොගැටී. මම දන්නවා සමහර මිනිස්සු එහෙම කරන්නෙ ඇයි කියලා. ඒත් එහෙම කරන අයගෙ හිත රිදුනොත් කියලා ඒ ගැන අපි කතා නොකර ඉමු.

සෝරත පොඩි හාමුදුරුවෝ දවසක් ගමනක් වැඩලා ආපිටට පන්සලට වඩිද්දී පන්සල ඉදිරිපිට පිවිසුම අසල කවරයක් සර සර හඬින් සෙලවෙනවා. සෝරත පොඩිනම බිය වුණත් ඒ වෙත ලං වෙලා බලනවා. එතකොට කවරෙන් බෙල්ල එළියට දාලා පූස් පැටියෙක් ඥාව් කියනවා. අනේ ඉතින් සෝරත පොඩි නමට හරි ආසා හිතෙනවා. පන්සලට අරන් ගිහින් හදාවඩා ගන්නවා. අසරණ වෙලා සරණක් හොයාගෙන ආපු පූස් පැටියෙක් නිසා සෝරත ඒ පූසට සරණ කියන නම දානවා. ඔන්න එහෙමයි සරණට නම වැටුනේ.

සරණට රඟපාන පූස් පැටියගේ නම පැටී. පැටීගේ අම්ම පැටිත් එක්ක පැටව් 4 ක් දැම්මා. අවාසනාවන්ත විදිහට ඉන් 3 ක්ම මැරුණා. ඉතිරි වුනේ පැටී විතරයි. ඒ නිසා පැටී 4 දෙනෙක්ගේ කිරි තනියම බීලා ඉක්මනට ලොකු වුණා. හොඳටම හුරතල් වුණා. එයාගේ වයස මාස පහක් විතර වෙනවා. මගේ පොඩි උන් දෙන්නට හුරතල් පෙන්නලා බත් කවපු පැටී දැන් ලංකාවෙම පොඩි උන්ට සතුටක් ගේනවා. තිරිසනෙක් වුනත් පැටීට තිබුණෙ මහ පුදුම දෛවයක්.

කොහොම හරි අන්තිම වුණේ මගේ පොඩි උන්දෙන්න හුරතල් කර කර ඉඳපු පූස් පැටියා ලංකාවෙම හුරතලේ වුණා. දැන් හැම සතියකටම දවස් දෙකක් මම ගිහින් එයාව අරන් එනවා. ආයි ගිහින් දෙනවා. ගෙදර ඉඳපූ පූස් පැටියා ෂුටින් ගියා. මේ වෙද්දි එයා පොල්පිතිගම ෂුටින්. ආයි එනකං පොඩි උන් දෙන්නා බලන් ඉන්නවා. මම හිතන්නෙ අපේ පැටී දැන් සරණ කියලා නමත් වෙනස් කරගෙන සෑහෙන්න කාර්යබහුල චරිතයක් වෙලා. මටත් හරි සතුටුයි පිට රට නයෙක්ට වඩා ලංකාවේ පූසෙක් වීරයෙක් වෙච්ච එක. සෝරත පොඩි හාමුදුරුවෝ ඇතුළු ළමා චරිත රඟදක්වන දරුවන් තමයි මේ හැම වර්ණයක්ම කදිමට නිර්මාණය තුල සිත්තම් කලේ. ඒ ගෞරවය ඒ දරුවන්ට සම්පූර්ණ ලෙස ලැබෙන්න ඕන. ඔවුන්ව ඒ විදිහට හසුරවන තිළිණවත් මතක් කරන්න ඕන. පොඩි දරුවන් සහ පූස් පැටියෙක් මේ විදිහට හසුරවන එක අභියෝගයක් තිලා. උඹලා සෙට් එක ඒ අභියෝගය ලස්සනට ගොඩ දැම්මා. ආසයි. ලස්සනයි. සුන්ඳරයි. ඉතින් ස්තුතියි.

සමන් එදිරිමුණි
සිඳු පිටපත් රචක.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29601,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරණ සරණ වූනේ කොහොමද...?
සරණ සරණ වූනේ කොහොමද...?
http://ift.tt/2bTe6Rc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy