ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යාකර පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යාකර පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) කෑගල්ලේ පැවැති ජන හමුවකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ රටේ ස්වෛරීත්වයට හානි වන ආකාරයේ කිසිවක් වත්මන් රජය සිදුනොකරන බවත් ඒකාබද්ධ විපක්ෂය ඉතා සුළු කාරණයක් විශාල අර්බුදයක් බවට පත්කරගෙන ඇති බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"ජාත්‍යන්තර සමුළුවක ඉන්දියාවයි ලංකාවයි අතර පාලමක් සකස් කිරීම ගැන ඇහුවා. මම ඒ වෙලාවෙදි කියපු එකම දේ තමයි පහුගිය කාලේ ඉහලම මට්ටමේ ආණ්ඩු දෙක අතර මේ ගැන සාකච්ඡා ගොඩක් තිබුණා. ඒක වෙළඳාමට හොඳ දෙයක් වෙන්න පුළුවන් නමුත් ඒක දේශපාලන වශයෙන් ගන්න ඕන තීන්දුවක් කියලා. කිසිම තැනක අපේ රජය ඒ වගේ පාලමක් නිල වශයෙන් හදනවා කියලා සාකච්ඡාවේ යෙදිලා නැහැ. එහෙම කිවුවෙත් නැහැ. ඒ වගේ අපි කියන්නෙත් නැහැ. මේ පාලම් පුච්චන්න ඕනේ කියලා කියන අයට මම කියන්නේ මේ රටේ ස්වෛරීත්වයට හානියක් වෙන කිසිදෙයක් කරන්නෙත් නැහැ. මේ කොහෙදෝ නැට්ටක එල්ලිලා, අපි නොකියපු දෙයක් අරගෙන මහා ලොකුවට පුම්බන්න බලන්නේ. අපි අර ඒ කාලේ මෙහේ සිංහලෙන් කතාකරලා ජනතාවට බැන් කී මූන්ට ඉංග්‍රීසියෙන් වෙන එකක් කතාකරන විදිහට අපි කතාකරන්නේ නැහැ" යි පැවසීය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හනුමා පාලම හැදුවොත් එය පුපුරුවාහරින බවට ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසූ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් ද මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් විමසූ අතර එහිදී ඔහු කියාසිටියේ එසේනම් එය ත්‍රස්තවාදී සංවිධානයක් විය යුතු බවයි.
වීඩියෝව පහතින්.
COMMENTS