බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද (04) චිත්‍රපට සංස්ථාවට පැමිණියහ. ‘හෝ ගාන පොකුණ‘ චිත...
බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද (04) චිත්‍රපට සංස්ථාවට පැමිණියහ.
‘හෝ ගාන පොකුණ‘ චිත්‍රපටය බුදුරජාණන්වහන්සේ ගේ සුත්‍ර දේශනාවක් වැරදියට අර්ථ දක්වලා යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද චිත්‍රපට සංස්ථාවට ඒ පිලිබදව පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේ දී පැවසූහ.
“පසුගිය කාලේ නිර්මාණ වූ චිත්‍රපට විකාශයට පෙර හාමුදුරුවරුන්ට පෙන්නුවා. මෙම චිත්‍රපටය පෙන්නුවේ නැහැ. අපෙත් වැඩි අවධානයක් තිබුණේ නැහැ මේක ළමා චිත්‍රපටයක් නිසා. මෙම චිත්‍රපට නිර්මාණකරුවා ඉතාම වැරදි විදියට සුක්ෂම විදියට හානි කර තියනවා. මේක දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් චිත්‍රපටය පෙන්නලා ඉවරයි. නමුත් ඉන් පසු නිකුත් වෙන ඩි.වී.ඩි පට මහජනයාට යන එක නතර කරන්න.“ යැයි ඒ හිමියෝ චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් පැවසුහ.
COMMENTS