මෙරට ප්‍රථම වරට යාපනය ප්‍රදේශයේ ප්‍රකාශයට පත්වන ප්‍රධාන පුවත්පත් වල විශේෂ පුවත් සියල්ල සිංහල බසින් කියවීමට Info Sri Lanka News වෙබ්අඩවිය ත...
මෙරට ප්‍රථම වරට යාපනය ප්‍රදේශයේ ප්‍රකාශයට පත්වන ප්‍රධාන පුවත්පත් වල විශේෂ පුවත් සියල්ල සිංහල බසින් කියවීමට Info Sri Lanka News වෙබ්අඩවිය තුලින් ඔබට අවස්ථාව ලැබේ.
උදයන් පුවත්පත් සිරස්තල 2016.08.11 වන දින
2. පුනරුත්ථාපනය ලැබු L.T.T.E සාමාජිකයින් හට විෂ එන්නතක් ලබාදි ඇත්ද යන්න සොයා බැලීමට විදේශ වෛද්‍යවරුන්ගේ සහය ලබාගැනීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න 2016.08.10 වන දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදි පවසා ඇති බව සදහන් වේ.
3. ගොළු කාන්තාවක් පැහැරගෙන ගොස් දූෂණයට ලක්කිරිමට තැත්කල තරුණයින් සිව් දෙනෙකු හට යාපනය මහ අධිකරණය මගින් අවුරුදු 15 ක සිර දඩුවමක් ලබාදි ඇති බව සදහන් වේ.
4. නල්ලූර් කෝවිල අවට සැරිසැරූ සොරුන් 07 දෙනෙකු 2016.08.10 වන දින යාපනය පොලිසිය ධීසින් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.
5. මෙතෙක් යුධ හමුදාව යටතේ පැවති තෙලිප්පලේ සමුපාකාර සංගමයට අයත් පිරවුම් හල යුධ හමුදාව විසින් 2016.08.10 වන දින වලිකාමම් උතුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදි ඇති බව සදහන් වේ.
6. මන්නාරම කධිටාස් පත්තිරි ගම්මානයේ තිබී ලක්‍ෂ 50 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් 2016.08.10 වන දින උදෑසන 04.30 පැයට පමණ මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්වේ.
7. අච්චුවේලි ප‍්‍රදේශයේදී කේරල ගංජා තොගයක් ලග තබාගෙන සිටි තරුණයින් තිදෙනෙකු අච්චුවේලි පොලිසිය විසින් 2016.08.02 වන දින අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
වාලටීපුරි පුවත්පත් සිරස්තල 2016.08.11 වන දින
9. යුධ හමුදාව සතුව පවතින සිවිල් ජනතාවට අයත් ඉඩම් එම ජනතාවට භාරදි යුධ හමුදාව එම ඉඩම්වලින් ඉවත්වන ලෙසත් එසේ නොකල හොත් කිළිනොච්චි පරධී පන්ජාන් ප‍්‍රදේශවාසින් 2016.08.13 වන දින දැවැත්ත උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්මට සුදානම් බවත් පවසා ඇති බව සදහන්වේ.
10. සිවිල් ජනතාවගේ දෛනික කටයුතු වලට යුධ හමුදාව මැදිහත් වීම කිසිසේත්ම අනුමත කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිදරන් විසින් පාර්ලිමේන්තුවේ දි පවසා ඇති බව සදහන්වේ.
තිනකුරල් පුවත්පත් සිරස්තල 2016.08.11 වන දින
12. පොන්නාලේ ප‍්‍රදේශයේ දි ගංජා කිලෝ 02 ක් සමග 2016.08.09 වන දින මල්ලාගටී සුරාබදු නිළධාරින් විසින් තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්වේ.
COMMENTS