ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින දෙමළ රැඳවියන් පිරිසක් උපවාසයක නිරතවිමට තීරණය කර ඇතැයි වාර්තා වේ. අද ප...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින දෙමළ රැඳවියන් පිරිසක් උපවාසයක නිරතවිමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අද පෙරවරුවේ සිට ආහාර වර්ජනය කරමින් ඔවුන් මෙම උපවාසයේ නිරතවිමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අනුරාධපුර බන්ධනාගාරයේ සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන් 99 දෙනෙකු පමණ මෙම උපවාසයට සහභාගීවීමට නියමිතය.
දීර්ඝ කාලීනව බන්ධනාගාර ගතව සිටින තමන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලකරමින් මෙම රැඳවියන් උපවාසයේ නිරත වන බව වාර්තා වේ.
පුනරුත්ථාපනය කිරිමට යොමු කිරිම හෝ එල්ල වී ඇති චෝදනාවලට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම දෙමළ රැදවියන් උපවාසයේ නිරත වූ අතර ඔවුන් සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියි.
COMMENTS