අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ දී කාරක සභා ...
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
පනත් කෙටුම්පත පිළිබඳව විවාදය විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආරම්භ කළේ ය.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දය විමසීමේ වේලාව පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් විරෝධය දැක්වීම හේතුවෙන් සභාවේ කටයුතු ද තාවකාලිකව නවතා දැමීමට කතානායකවරයා කටයුතු කළේ ය.
ඉන් අනතුරුව සභාවේ කටයුතු ආරම්භ වූ අතර එහිදී විවාදය අද රාත්‍රී 9.30 දක්වා විවාදය පවත්වා හෙට ප.ව 2.00ට ඡන්දය පැවැත්වීමට තීරණය විය. ඉන් අනතුරුව විවාදය ආරම්භ විය. විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් දිගින් දිගටම සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධය පළ කළේ ය.
ආණ්ඩු පක්ෂයෙන් අඳහස් දැක්වීමක් සිදු නොකරන බව දැනුම්දුන් කතානායක කරූ ජයසූරිය මහතා, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් දක්වන ලෙසත් එය තමන්ගේ ආසනවලට ගොස් සිදු කරන ලෙසත් දැන්වීය. විපක්ෂයේ මන්ත්‍රී පිරිස අදහස් දැක්වීමක් සිදු නොකළ හෙයින් කතානායකවරයා පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවට යොමු කළේ ය.
ඉන් අනතුරුව පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා සභාව වෙත දැනුම් දුන්නේ ය.
COMMENTS