ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යන තිදෙනා එකම වේදි...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යන තිදෙනා එකම වේදිකාවට ගෙනවිත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් මැතිවරණයට මුහුණදීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි වාර්තාවෙයි.
කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙරේදා (04) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපාර්ශවය එකතු කිරීම වළක්වන අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාපතිවරයාටද පක්ෂය කැඩීමට ලොකු වුවමනාවක් නොමැති බවත් එතුමාට ඇතුලේ සිටින කණ්ඩායමක් බලකිරීමක් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.
තවමත් උත්සාහය පක්ෂය බෙදීම නවත්වා ගැනීම බවත් පක්ෂයේ හිටපු නායකයින් දෙපලත් වත්මන් නායකවරයාත් එකතුවීමට හැකියාවක් නොමැති වීමේ ඉඩකඩක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS