දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති හැරිසන්ගේ වාහන කෙළි එළිවෙයි
Homeදේශපාලන

ඇමති හැරිසන්ගේ වාහන කෙළි එළිවෙයි

PropellerAds

දින 100 ආණ්ඩුව යටතේ අමාත්‍ය පී. හැරිසන් මහතා සමාජ සේවා, සුබසාධන හා පශූ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී රජයේ වාහන අයථා ලෙස...

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා - පවුලේ අය ස්වයං නිරෝධායනයට
කොට්ටාව “ග්ලොමාර්ක්“ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා
හොරණ ඇගළුම් කර්මාන්ත ශාලාවක ‍කාන්තාවකට කොරෝනා - ආසාදනය වූ හැටි සොයාගත නොහැකියි

දින 100 ආණ්ඩුව යටතේ අමාත්‍ය පී. හැරිසන් මහතා සමාජ සේවා, සුබසාධන හා පශූ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී රජයේ වාහන අයථා ලෙස භාවිතා කර ඇතිබව 2015 අගෝස්තු 10 වැනිදා අදාළ අමාත්‍යංශයේ සිදුකර ඇති විගණනයේදී හෙළිව තිබේ.

ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ආරක්ෂක කටයුතු සඳහා වෙන්කරන උපරිම නිල වාහන ප්‍රමාණය මෝටර්රථ, ජිප් හෝ කැබ් රථ තුනක් බව පැහැදිලිව සඳහන් කර තිබියදී එම නීති රෙගුලාසි කඩකරමින් ඇමති හැරිසන් මහතා දින සියය ආණ්ඩුව සමයේදී වාහන නවයක් භාවිතා කර ඇතිබව විගණනයෙදී හෙළිවී ඇත.

(රාජ්‍ය වියදම් කළමණාකරණය පිළිබඳ වු අංක සීඒ /1/17/1 හා 2010 මැයි 04 දිනති චක්‍රලේඛනයේ 31 වැනි ජේදය යටතේ ජනාධිපති ලේකම් විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ආරක්ෂක කටයුතු සඳහා වෙන් කළ හැකි උපරිම වාහන සංඛ්‍යාව දක්වා තිබේ.)

ඒ අනුව රියදුරු කේ බී අසේල සංජිව, අජිත් සමන්ත, ඉෂාර පංචිහේවා හා පාලිත හේරත් යන රියදුරන් අමාත්‍ය ආරක්ෂක මෝටර් රථ 4ක් පදවා ඇති අතර තවත් මෝටර් රථ තුනක් රියදුරන් නොමැතිව පී හැරිසන් මහතාගේ කටයුතු සඳහා යොදාගෙන ඇති බව පැවසේ.

කෙසේවුවද, තවත් මෝටර් රථ දෙකක් මිල්කො ආයතනයට යොදවා ඇතිබව හැරිසන් මහතා සඳහන් කර තිබුණද, ඒ පිළිබඳ නියෝජ්‍ය විගණකාධිපති ඒ.එච්.එම්.එල්. අඹන්වල මහතා මිල්කෝ සමාගමේ කර්මන්තශාලා කළමණාකරු ඩබ්. පී. විජේතිලක මහතාගෙන් කළ විමසීමකදී ඔහු ලිඛිතව නියෝජ්‍ය විගණකාධිපතිට දන්වා ඇත්තේ කිරි කර්මන්තශාලාවේ ආරක්ෂක අංශ වාර්තා අනුව එහි සේවයට එසේ වාහන යොදවා නොමැති බවයි.

සාමාන්‍ය සම්ප්‍රදාට අනුව අමාත්‍යංශයක මෝටර් රථ තුනකට වඩා තිබේ නම් අදාළ අමාත්‍යංශයේ හෝ වෙනත් ආයතනයක අවශ්‍යතා සඳහා ඒවා පාවිච්චි කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගැනීම සිදු විය යුතුය.

කෙසේවුවද මෙහිදී එවැන්නක් ද සිදුවී නොමැත.

ඊට අමතරව 2015 ජුලි 01 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍රලේඛයකට අනුව ඇමති කාර්ය්‍ය මංඩලයේ නිලවාහන පිලිබඳ මැතිවරණයක් පැවැත්වීමට නිල නිවේදනය නිකුත් කල පසු මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළයුතුය.

එහෙත් මෝටර් රථ දෙකක් පිළිබඳ තොරතුරු හැරිසන් මහතා වසන්කර තිබේ.

ජනාධිපති ලේකම් අංක සී එස් ඒ /01/0192 හා 2015 ජුලි 17 දිනැති චක්‍රලේඛනය අනුව 2015 ජුලි 15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව 2015 මහ මැතිතිවරණයේදී සිය පක්ෂ/ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සදහා සිය නිලවාහන යොසාගනු ලබන්නේ නම් අමාත්‍යවරයා විසින් එසේ යොදාගන්නා එක් වාහනයක් සදහා රුපියල් ලක්ෂය බැගින් මාසික ගාස්තුවක් සමාජ සේවා, සුබසාධන හා පශූ සම්පත් සංවර්ධන අමාත්‍යංශය වෙත ගෙවිය යුතුවේ.

එහෙත් හැරිසන් මහතා භාවිතා කළ කිසිදු මෝටර් රථයකට එසේ මුදල් ගෙවීමක්ද සිදුවී නොමැත.

සමාජ සේවා, සුබසාධන හා පශූ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පී. හැරිසන් මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත වාහන පහක් ද නිකුත් කර තිබී ඇත.

ඒ අනුව KR - 5837 දරණ මෝටර් රථය පෞද්ගලික ලේකම් සී.එස්. බුස්ධකෝරාල මහතාටද, KH - 5712 දරණ වාහනය මහජන සම්බන්ධතා නිළධාරි සුජිව ප්‍රියදර්ශන මහතාටද, KR - 3586 දරණ මෝටර් රථය සම්බන්ධීකරණ ලේකම් එච්.ඒ. ප්‍රසාද් සමරජිව මහතාටද, KH - 0515 දරණ මෝටර් රථය මාධ්‍ය ලේකම් එම්.එම්. පී. එල්. කරුණාරත්න මහතාට හා KG - 7534 දරණ මෝටර් රථය සම්බන්ධීකරණ ලේකම් බන්දුල රංජිත් මහතාට ලබා දී තිබී ඇත.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු අමාත්‍යවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්ට හැර අනෙක් කාර්ය්‍ය මණ්ඩල මෝටර් රථ ආපසු භාරදිය යුතු වුවත් එසේ සිදුකර නොමැත.

මෙසේ සමාජ සේවා, සුබසාධන හා පශූ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සතු වාහන අව භාවිතාව පිළිබඳව නියෝජ්‍ය විගණකාධිපති ඒ.එච්.එම්.එල්. අඹන්වල මහතා එවකට එම අමාත්‍යංශයේ ලේකම්ව සිටි රේණුකා ඒකණායකමහත්මිය දැනුවත් කර තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කරන තෙක් අමාත්‍යංශ ලේකම්වරිය ඒපිළිබඳ දැනුවත් නොවීම සිටි බවද මේ අතර වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති හැරිසන්ගේ වාහන කෙළි එළිවෙයි
ඇමති හැරිසන්ගේ වාහන කෙළි එළිවෙයි
http://ift.tt/2aLEnNE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_566.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_566.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy