හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඇයට වෛරසය...

හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබුනේ එහි සේවකයින් 30දෙනෙකුට පමණ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් බව වාර්තා වේ.
අදාළ කර්මාන්ත ශාලාවේ 6000කට ආසන්න සේවක පිරිසක් සේවය කරන අතර, මේ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
එම කාන්තාවගෙන් කිසිදු කොවිඩ් ලක්ෂණයක් පෙන්නුම් නොකළ බව කළුතර ප්‍රාදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
මේ වන විට ඇගේ ආශ්‍රිතයින් 170ක් පමණ සොයා ගත් අතර, අද පස්වරුව වන විට ඔවුන්ගේ ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව ඔහු පැවසීය.
එහි ප්‍රතිඵල ලබන සදුදා දිනය වන විට ලැබෙනු ඇති බව වෛද්‍ය උදය රත්නායක මහතා සදහන් කළේය.
ආදළ කාන්තාවට කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ ආකාරය පිළිබදව තවමත් සොයාගත හැකි නොවූ අතර, ඇය පෑළියගොඩ හෝ මිනුවන්ගොඩ පොකුරට අයත් නොවන බව ද කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
- කොරෝනා
COMMENTS