දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි
Homeප්‍රවෘත්ති

පොලොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි

PropellerAds

පොලොන්නරුව පූජා නගරයේ පස් අවුරුදු ගවේශණ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කැනීම් අනුව පොලොන්නරුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හතරවන සියවස දක්වා වෙනස්වන ...

රිමාන්ඩ් කලොත් අසාද් සාලි රෝහල්ගත වෙන්න සියල්ල සූදානම් කරයි
“මගේ ආදරයේ උල්පත සිඳී ගියා.." - ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චිගේ ආදරණිය මව අභාවප්‍රාප්ත වෙයි
චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරට
පොලොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි
පොලොන්නරුව පූජා නගරයේ පස් අවුරුදු ගවේශණ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කැනීම් අනුව පොලොන්නරුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හතරවන සියවස දක්වා වෙනස්වන බවත් අනුරාධපුර රාජධානියේ ආරම්භක අවධිය දක්වා ම එම ඉතිහාස කතාව දිවෙන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි ‍රැසක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.  
අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ දෙවන අදියරේ කැනීම් කටයුතු අවසන් කරමින් ඉකුත් දා මාධ්‍යට අදහස් දක්වමිණි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහචාර්යවරයා මෙසේ ද පැවසීය.
 
"මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පොලොන්නරුව පූජා නගරය ආශ්‍රිතව සිදු කෙරෙන පස් අවුරුදු පර්යේෂණ ව්‍යාපෘතියේ  දෙවන අදියර මේ වනවිට අවසන් කර තිබෙනවා. එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව යන රටවල විශේෂඥ කණ්ඩායම් සමග සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් විදිහටයි මෙය සිදු කෙරෙන්නේ. විශේෂයෙන්ම පොලොන්නරුව  ශිව දේවාලය අසල කැනීම්වලින් ඉතාම පැහැදිලි වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන්ව පවතින බව පෙනෙනවා. එහි පළවෙනි කොටස හින්දු ආගමික කටයුතු කරගෙන ගිය ආකාරයයි. දෙවන කොටස තුළ මේ ආශ්‍රිතව ජන කණ්ඩායමක වාසස්ථානයක ලක්ෂණත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණත් ඔවුන් භාවිතා කළ උපකරණවල තොරතුරුත් අපට ලැබී තිබෙනවා. තුන්වන කොටස තුළින් නිෂ්පාදන ක්‍රියාවලියට හසු කර ගැනීමත් එම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යකඩ හා වීදුරු භාණ්ඩ නිෂ්පාදනය ආදී කටයුතු සිදු කළ අන්දමත් සොයා ගත හැකි වෙනවා.  
 
දැනට මේ ස්ථානයෙන් ලැබී තිබෙන පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව එම්.බී.පී වර්ගයේ උතුරු ඉන්දියානු ඔප දමන ලද මැටි භාණ්ඩ ලැබී තිබුනු අතර ඒවායේ පරිහරණ ස්වභාවය අනුව අපට පෙනී යන්නේ අඩුම වශයෙන් ක්‍රි.පූ.හාරසීය කාලය දක්වා  කාල පරිච්ඡේදයක මේ ස්ථානයේ යම් ජනාවාසයක පසුබිමක් තිබුණු බවයි. ඒ කාල පරිච්ඡේදය පිළිබඳ තොරතුරු ලැබීමත් සමග පොලොන්නරුව පූජා නගරයේ  ඉතිහාස කතාව ඉතාමත් ඈතට දිව යනවා. මේ භූමිය අනුරාධපුර රාජධානියේ ආරම්භක කාලසීමාව දක්වා කාල පරිච්ඡේදයකට දිව යන බව මේ එම්.ඩී.ටී වර්ගයේ මැටි භාජන සොයා ගැනීමෙන් තහවුරු වෙනවා".
 
ඉබ්බන්ක‍ටුව වැනි ස්ථානවලින්  යකඩ කර්මාන්තය, වීදුරු කර්මාන්තය පිළිබඳව තොරතුරු ලැබී  ඇති බවත් එවිට පොලොන්නරුවේ ඉතිහාස කතාව ඒ තොරතුරු සමග ආදේශ කළ හැකි බවත් පෙන්වා දෙන ඒ මහතා තවත් වසර තුනක් මෙම කැනීම් කටයුතු සිදු වන බවත් වැඩිදුරටත් පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි
පොලොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි
http://ift.tt/2arI933
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_375.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_375.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy