දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලූතිනන් කර්නල් බිරියගේ කුසට වෙඩි තබා ඇත්තේ දික්කසාද වන්දිය වැඩි නිසාලූ
Homeගොසිප්

ලූතිනන් කර්නල් බිරියගේ කුසට වෙඩි තබා ඇත්තේ දික්කසාද වන්දිය වැඩි නිසාලූ

PropellerAds

ලූතිනන් කර්නල් බිරියගේ කුසට වෙඩි තබා ඇත්තේ දික්කසාද වන්දිය වැඩි නිසාලූ පිස්තෝලය දියවන්නාවෙන් හමුවේ මාලබේ පිට්ටුගල ඉසුරුපුර ප‍්‍රදේශය...

දිගටම ප්‍රතික්ෂේප වෙද්දීත් අත්නොහැර උත්සාහයෙන් සාර්ථකවූ චීන ධනවතා ජැක් මා
හිරේ ඉඳන් උපාධිගත්ත සිරකරු පෝස්ට්ග්‍රැජුඒට් එකටත් රෙජිස්ටර් වෙලා
දිවුලපිටිය හේරත් ප්‍රා.ලේකම්වරිය පස්කැපීම ගැන කථාකරයි
ලූතිනන් කර්නල් බිරියගේ කුසට
වෙඩි තබා ඇත්තේ

දික්කසාද වන්දිය වැඩි නිසාලූ

පිස්තෝලය දියවන්නාවෙන් හමුවේ


මාලබේ පිට්ටුගල ඉසුරුපුර ප‍්‍රදේශයේ නිවසකදී තිදරු මවකට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ දික්කසාද අපේක්ෂිත විවාහක සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයෙකුගෙන් පොලිසිය සැක පිට ප‍්‍රශ්න කරන ලද්දේ පෙරේදාය.
එහිදී ඔහු එවැන්නක් නොකළ බව කියා තිබුණ නමුත් ඔහුගේ රියදුරු හා සහායකගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී
මෙම වෙඩි තැබීම අදාළ ලූතිනන් කර්නල්වරයා විසින්ම කර ඇති බවත් පසුව පිස්තෝලය ගඟකට විසිකර තිබුණ බවත් දැන් අනාවරණයවී තිබේ.
ඒ අනුව අතුරුගිරිය පොලිසිය සැකකාර ලූතිනන් කර්නල්වරයා ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මෙම වෙඩි තැබීම සඳහා සැකකරු පාවිච්චි කරන ලද පිස්තෝ්ලය දියවන්නා ඔයට විසිකර තිබියදී පොලිසිය ඊයේ සොයාගෙන තිබුණි.
වෙඩි ප‍්‍රහාරයට ලක්වූ 43 හැවිරිදි නයනා ප‍්‍රනාන්දු මහත්මිය අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ තවමත් ප‍්‍රතිකාර ලබමින් සිටියි.
නයනා ප‍්‍රනාන්දු මහත්මිය සහ ඇගේ සැමියා අතර කාලයක පටන් පවුල් ආරවුල් තිබී ඇති අතර ඒ නිසා දික්කසාද නඩුවක් ගොනුකර එය ලබන සතියේ විභාගවීම ආරම්භ වන්නට නියමිතව තිබී ඇත. එම නඩුව සමග සැමියාගෙන් වෙන්වීම නිසා පවුලේ නඩත්තුව වෙනුවෙන් ඇය විශාල වන්දි මුදලක් ඉල්ලන්නට සැලසුම් කර තිබී ඇත. හමුදා ලූතිනන් කර්නල්වරයාගේ වැටුප හා වත්කම් විස්තර අනුව ඔහු විසින් විශාල වන්දියක් ගෙවන්නට ඉදිරියේදී සිද්ධවීම නිසා ඔහු එම ඉල්ලීමට අකමැත්ත පළකර තිබී ඇති අතර ඇය නඩුව ගොනු කරන්නට පෙර ඒ ගැන දෙදෙනා අතර නැවත වාදභේද හටගෙන ඇත. වන්දි මුදල ගෙවන්නට සිදුවුවහොත් තමාට අනාගතයක් නැතැයි කල්පණා කළ නිසාදෝ ලූතිනන් කර්නල්වරයා ඇයට වෙඩිතබා මරාදමන්නට කල්පණා කර ඇතැයි නිරීක්ෂණය වෙයි.
කෙසේ වෙතත්  ඉකුත් 27 වැනිදා රාත‍්‍රී කාලයේදී ඇය නිදාගන්නා කාමරය අසළ ජනේලයකින් කුරුමැනම් අල්ලා ඇගේ කුසට වෙඩි තැබීම සිදු කළ ලූතිනන් කර්නල්වරයා හඳුනාගන්නට එම අවස්ථාවේ නිවසේ සිටි දරුවන් සමත්ව ඇති අතර ඒ සමගම ඔහු කළුවරේ පළාගොස් පැමිණි වාහනයට නැග ඇත්තේ බිරිය මළේ යයි සිතාගෙනයි.
එම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද කාන්තාව රෝහල් ගත කළ මුත් මියගියේ නැත. ඇය තවම රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
වෙඩි තැබීමෙන් පසුව සිය රියදුරු හා සහායක සමග වාහනයෙන් නැවත පිටත්වූ ලූතිනන් කර්නල්වරයා පාර්ලිමේන්තුව දෙසට ගොස් ජපන් මිත‍්‍රත්ව පාලම අසල නතරවී සිය අත තිබූ පිස්තෝලය එහිදී දියවන්නා ඔයට වීසි කර තිබේ. මේ කාරණාව ගැනක කිසිවෙකුට නොකියන ලෙසද දෙදෙනාට කියා තිබේ.
දින තුනක් තිස්සේ විමර්ශන පවත්වා සිද්ධියට සැක ලූතිනන් කර්නල්වරයා අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් අතර සිද්ධියට අදාළ එම් එම් 9 වර්ගයේ පිස්තෝලය පාර්ලිමේන්තුව අසබඩ ජපන් මිත‍්‍රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබියදී කොළඹ නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායම විසින් ඊයේ දහවල් ගොඩ ගන්නා ලදී.
සැකකාර යුද හමුදා ලූතිනන් කර්නල්වරයා නෙළුම්පොකුණ හමුදා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියෙකි. ඔහු ප‍්‍රශ්න කිරීම් වලින් පසු අද අධිකරණයට ඉදිරිපත් කරන ලදුව 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලූතිනන් කර්නල් බිරියගේ කුසට වෙඩි තබා ඇත්තේ දික්කසාද වන්දිය වැඩි නිසාලූ
ලූතිනන් කර්නල් බිරියගේ කුසට වෙඩි තබා ඇත්තේ දික්කසාද වන්දිය වැඩි නිසාලූ
http://ift.tt/2bIbNPw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_282.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_282.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy