ඓතිහාසික මහනුවර ඇසළ මහ පෙරහැරේ අවසන් රන්දොaලි පෙරහැර අද (17) රාත්‍රි වීථි සංචාරය කරයි. අද රාත්‍රි 8.09 ට දකුණු දිශාව බලා පිටත් වී දළදා ව...
ඓතිහාසික මහනුවර ඇසළ මහ පෙරහැරේ අවසන් රන්දොaලි පෙරහැර අද (17) රාත්‍රි වීථි සංචාරය කරයි.
අද රාත්‍රි 8.09 ට දකුණු දිශාව බලා පිටත් වී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය සහ රජවීදිය ඔස්‌සේ පෙරහැර වීථි සංචාරය කරනු ඇත.
සධාතුක කරඬුව වැඩම කරන රාජා හස්‌තියා සමඟ ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාල සතරෙහි පෙරහැර ද අලි ඇතුන් සමඟ ගමන් කරයි.
දියවඩන නිලමේ නිලංග දැල බණ්‌ඩාර මහතා සමඟ සිව් මහා දේවාලයන්හි බස්‌නායක නිලමේවරු ද පෙරහැරේ ගමන් කරති.
COMMENTS