මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර නරඹමින් සිටි පිරිසක් මතට ගොඩනැගිල්ලක තිබූ ජනේලයක් කඩා වැටීමෙන් 04 දෙනකු තු...
මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර නරඹමින් සිටි පිරිසක් මතට ගොඩනැගිල්ලක තිබූ ජනේලයක් කඩා වැටීමෙන් 04 දෙනකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (08) රාත්‍රියේ වීදි සංචරය කරමින් තිබූ ප්‍රථම කුඹල් පෙරහැර නරඹමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව මහනුවර පොලීසිය ප්‍රකාශ කරයි.
කොළඹ වීදියේ ගොඩනැගිල්ලක් ඉදිරිපිට පදික වේදිකාවේ පෙරහර නරඹමින් සිටි පිරිස අතරට එම ගොඩනැගිල්ලේ ජනේලයක් කඩා වැටී ඇති බවත් රාත්‍රී 9.00 ට පමණ සිදුවූ අනතුරින් පිරිමි පුද්ගලයින් 02ක් කාන්තාවක හා දරුවකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පොලීසිය වැඩිදුරටත් කියාසිටියේ අපරික්ෂාකාරී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකපිට එම ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගත් බවයි.
COMMENTS