කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සහ තමන් අතර සබඳතාවක් පවතින බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්ය බවත්, තමන්ට...
කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සහ තමන් අතර සබඳතාවක් පවතින බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්ය බවත්, තමන්ට කිසිදු සහෝදරයෙකු නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2026 ඔක්තෝබර් 18 දිනැතිව සියලුම විද්යුත්, මුද්රිත සහ සමාජ මාධ්ය නාලිකා වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, රජයට සම්බන්ධ පුවත්පත් ආයතනයක සමාජ මාධ්ය ගිණුමක් ඇතුළු මාධ්ය කිහිපයක පළ වූ මෙම වාර්තා මඟින් දේශපාලන වශයෙන් තම චරිතය ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවයි.
සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා තමන් වන බැවින් තමන්ට සහෝදරයින් කිසිවෙකු නොමැති බව පෙන්වා දෙන හර්ෂණ රාජකරුණා, එකම පෙළපත් නාමය සහිත ඕනෑම අයෙකු සිදුකරන වරදක් එම පෙළපත් නාමය හිමි සෑම අයෙකුටම අදාළ වන්නේ දැයි තමන් අදාළ මාධ්ය ආයතනවලින් ප්රශ්න කරන බව සඳහන් කරයි.
වසර 11ක් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරමින් තමන් මන්ත්රීවරුන්ට හිමිවන ගිනිඅවිය පවා කිසිදු දිනෙක ලබාගෙන නොමැති බවත්, තම පියා වූ දිවංගත සරත් චන්ද්ර රාජකරුණා ද කිසිදු දිනෙක ගිනිඅවියක් සන්තකයේ තබාගෙන නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.
තමන්ට කිසිදු අදාළත්වයක් නොමැති සිදුවීමකට තම නම ඈඳමින් අපහාස කිරීමට කටයුතු කළ මාධ්ය ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥවරුන්ට උපදෙස් ලබාදුන් බව ද මන්ත්රීවරයා ප්රකාශ කරයි.
රජයේ බංකොලොත්භාවය වසා ගැනීමටත්, සමාජයෙන් එල්ල වන පීඩනය සහ ජනතා මතය වෙනතකට යොමු කිරීමටත් මාලිමා ආණ්ඩුව සිදුකරන මෙවැනි පහත් ක්රියා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් කියා සිටියි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS