දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බදු වංචා චෝදනාවකට මා වරද පිලිගත්තේ නෑ.. එහෙම චෝදනාවකුත් මට නෑ..- ජොන්ස්ටන්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේදී තමන් වරද පිළිගත්තේ වාහන ආනයන බදු වංචාවකට බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ...

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේදී තමන් වරද පිළිගත්තේ වාහන ආනයන බදු වංචාවකට බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා නොමඟ යවන සුළු බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

පසුගිය 28 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ නඩුව පිළිබඳව කරුණු පැහැදිලි කරන හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එම නඩුකරයේදී තමන් වෙත ගොනු කර තිබුණේ මෝටර් රථ ආඥාපනත යටතේ වන චෝදනා 3ක් පමණක් බවයි. 

අදාළ මෝටර් රථය මෙරටට ආනයනය කිරීම, එහි හිමිකාරිත්වය දැරීම හෝ ඊට අදාළ ආනයන බදු නොගෙවීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කර නොතිබූ බව හෙතෙම තරයේ කියා සිටියි. 
මාධ්‍ය නිවේදනය

අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ මා සම්බන්ධ නඩුව පිළිබඳව ඇතැම් මාධ්‍ය ආයතන විසින් පළකර ඇති වාර්තාවල කරුණු සාවද්‍ය ලෙස ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය කරමි.

අදාළ නඩුවේදී මා වෙත ගොනු කර ඇත්තේ මෝටර් රථ ආඥාපනත යටතේ වන චෝදනාවන් 3ක් පමණි.අදාළ මෝටර් රථය මෙරටට ආනයනය කිරීම, එහි හිමිකාරිත්වය හෝ ආනයන බදු නොගෙවීම සම්බන්ධයෙන් මා හට කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බව අවධාරණය කරමි.

එමෙන්ම අදාළ මෝටර් රථයේ හිමිකරු මා නොවන බවද පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි.

එවැනි පසුබිමක මා විසින් වාහන ආනයන බදු වංචාවක් සිදුකළ බවට හෝ එවැනි චෝදනාවකට වරද පිළිගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා නොමඟ යවනසුලු බව සඳහන් කරමි.තවද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මෝටර් රථ ආඥා පනතින් එම මෝටර් රථය සන්තකයේ තබා ගත් පුද්ගලයාට නඩුවක්ද පවරා ඇත.

මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන නීතිමය චෝදනාවකට වරද පිලිගැනීම වාහන ආනයන බදු වංචාවකට වරද පිළිගැනීම යනු සම්පූර්ණයෙන්ම වෙනස් කරුණු දෙකකි.

එබැවින් මා විසින් වරද පිළිගත් චෝදනාවේ සැබෑ ස්වභාවය විකෘති කරමින්, මා වෙත ගොනු කර නොමැති බදු වංචා චෝදනාවකට වරද පිළිගත් බවට ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීම අසාධාරණය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ මාධ්‍ය වාර්තා නිවැරදි කරන ලෙසත්, නඩුවේ සැබෑ නීතිමය තත්ත්වය නිවැරදිව මහජනතාව වෙත ඉදිරිපත් කරන ලෙසත් සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30558,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදු වංචා චෝදනාවකට මා වරද පිලිගත්තේ නෑ.. එහෙම චෝදනාවකුත් මට නෑ..- ජොන්ස්ටන්
බදු වංචා චෝදනාවකට මා වරද පිලිගත්තේ නෑ.. එහෙම චෝදනාවකුත් මට නෑ..- ජොන්ස්ටන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz9vIjz-_2nG76VOgCjWPOcbErQ3ESLjH38Cu4rIDV6bxtrTwXvDd2y5VpvuvftxJEKlHdoiQ5GT9vZTLntuW5Ldg8jThnmNYiLicjMfqPnJ-uL40ALCjtyk-1Wzq_bxMzov73PjCEWyd8vs8B0018KWrmTvvZh6pQrb1Zl2s_wApUq6P7arUaUl_k0AmW/s320/fasefef.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz9vIjz-_2nG76VOgCjWPOcbErQ3ESLjH38Cu4rIDV6bxtrTwXvDd2y5VpvuvftxJEKlHdoiQ5GT9vZTLntuW5Ldg8jThnmNYiLicjMfqPnJ-uL40ALCjtyk-1Wzq_bxMzov73PjCEWyd8vs8B0018KWrmTvvZh6pQrb1Zl2s_wApUq6P7arUaUl_k0AmW/s72-c/fasefef.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_804.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_804.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy