දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනාධිපති නඩු තීන්දු කියාගෙන රට වටේ යනවා - අලි සබ්රි කියූ පීඩක-පීඩිත කතාවකින් උසාවියේ මත ගැටුමක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් ක...

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රයට අදාළ ඇප නියෝගය ලබන 3 වන දින සලකා බලන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (28) නියෝග කළේය.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි  ඉදිරිපත් කළ මෝසම් පත්‍රයක් යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන් අතර, සැකකරු ලබන 6 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වී ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිඥ තනුජා බණ්ඩාර පවසා සිටියේ, ඊයේ දින සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් කරන ලද ප්‍රකාශයක් වන "අද පීඩාකාරී ලෙස හැසිරෙන අය ඉදිරි දින පීඩිතයා බවට පත්වන බව" යන්න සම්බන්ධයෙන් තමාට කරුණු දැක්වීමට ඇති බවයි.

සහකාර අධ්‍යක්ෂක නීතිඥ තනුජා බණ්ඩාර

"ස්වාමීනි, ඊයේ දින ජනාධිපති නීතිඥතුමා විසින් අවසන් වශයෙන් කිව්වා, 'අද පීඩාකාරී ලෙස හැසිරෙන අය ඉදිරි දින පීඩිතයා බවට පත්වන බව' පැවසුවා. එහෙනම් ස්වාමීනි, අද පීඩකයා හෙට පීඩිතයා වෙන්න පුළුවන්. මම ඒ සම්බන්ධයෙන් මාධ්‍යයෙනුත් අසන්න ලැබුණා ඒ ආකාරයටම. ඉතින් ස්වාමීනි, කවුද දැන් පීඩකයා? ඉදිරියේදී කවුද පීඩිතයා? ස්වාමීනි, දැන් එතකොට පීඩකයා මම, අල්ලස් කොමිසම, සාක්ෂිකරුවන් වෙන්න පුළුවන්. මෙම නඩුවේ සාක්ෂිකරුවන් මුල් අවස්ථාවේදී ප්‍රකාශ දෙන්න බිය වූ අය, පසුව නාමල් රාජපක්ෂ, ජානකී රිමාන්ඩ් වුණාට පස්සේ නොබියව ඉදිරියට ඇවිත් සාක්ෂි දුන්නා. යම් ආකාරයකින් සාක්ෂිකරුවන්ට බලපෑමක් වෙනවා නම් එය යුක්ති සහගත වන්නේ නැහැ."

"තවද ස්වාමීනි, එම සාක්ෂිකරුවන් දෙදෙනකු පවසා තිබෙනවා, 'සත්‍ය ප්‍රකාශ කිරීමට බයක් නැහැ' යනුවෙන්. කවුද ස්වාමීනි, ඉදිරියේ පීඩිතයන් වන්නේ මෙම සාක්ෂිකරුවන්. තවද කිව්වා මව සහ පියා බලාගැනීමට අවශ්‍ය බැවින් ඇප දෙන්න කියලා. ඒ අයව රැකබලා ගන්න වෙනම අය ඉන්නවා. ඒක අප දන්න කාරණාවක්නේ ස්වාමීනි. මෙම අල්ලස් දූෂණ වරද සාමාන්‍ය දෙයක් නොවේ; පාරමාධිපත්‍යයට කරන විශාල හානියක්. නීතියේ දෙවඟනගේ ඇස් බැන්දා කියන එකම තේරෙනවා. මිලියන 22 ජනතාව වෙනුවෙන්, සත්‍ය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මෙම විමර්ශනයේ බරපතළකම සිතා ඇප ලබා දීමට විරුද්ධ වෙනවා."

එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා සිටියේ, පීඩකයා හා පීඩිතයා සම්බන්ධයෙන් කියූ කතාව අල්ලස් කොමිසම පවසන පරිදි අර්ථ නොදැක්වූ බවත්, තොප්පිය අදාළ නම් දාගන්නා ලෙසත්ය.

ජනාධිපති නීතිඥ අලි සබ්රි

"ස්වාමීනි, කිසිම තැනක මම කිව්වේ නැහැ 'අද පීඩකයා හෙට පීඩිතයෙක් බවට පත් වෙන්න පුළුවන්' කියා මිසක් 'අද පීඩිතයා හෙට පීඩකයා වෙනවා' කියලා කිව්වේ නැහැ. මේ දෙකේ විශාල වෙනසක් තියෙනවා. මේ රෝදය කැරකෙනවා, ඒක තමයි මම අදහස් කළේ. අනිත් එක, තොප්පිය දාගන්න අවශ්‍ය නැහැ, අවශ්‍ය නම් දාගන්න. කවුද පීඩකයා කියලා කියන්නේ.. ජනාධිපතිතුමා රට වටේම ගිහිල්ලා කියනවා, පම්පෝරි ගහනවා අහවල් දවසට නඩු තීන්දු දෙනවායි කියලා. ලැයිස්තුවක් තියෙනවා කියලා, 50ක් කියලා. 'මේදාට නියෝගය දෙනවා, රතිඤ්ඤා පත්තු කරන්න, අත්පොඩි ගහන්න' කියනවා. නඩු ෆයිල් වෙනවා, එයාලා ඉස්සල්ලාම දන්නවා, එයාලා තමයි පීඩිතයෝ."

"1954 තමයි අල්ලස් පනත ගෙනෙන්නේ, 1978 සංශෝධනය වෙනවා, 2003 අලුත් පනතක් ගෙනෙනවා. හැමෝම කැමති අවුරුදු 76ක අල්ලස් දූෂණය නැති කරනවාට. කලින් හිටපු අධිකරණ ඇමති දන්නේ නැහැ, නඩුව එන්නත් කලින් මේ නඩුව තියෙනවා කියලා. දැන් ඉන්න අය සේරම දන්නවා. පීඩිතයා කියන්නේ ඒ අය."

"13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන පරිච්ඡේදයේ කියලා තියෙන්නේ වරදකරුවෙකු කරන තෙක් පුද්ගලයා නිර්දෝෂී බවයි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන පරිච්ඡේදයේ දක්වලා තියෙන්නේ 'ආගම, කුලය, දේශය, ස්ත්‍රී, පුරුෂ භාවය සහ දේශපාලන මතය අනුව සැකකරුවෙකුට විශේෂ තත්ත්වයක් හෝ වෙනස්කමක් නොකළ යුතුයි' කියලයි. අපිට විශේෂතාවයක් එපා, වෙනස්කමක් නොකර සාමාන්‍ය තත්ත්වයෙන් සලකන්න. විනිශ්චකාරතුමා නරඹන්නෙක් නොවෙයි. ඔබතුමාගේ බලය කාගේවත් කැමැත්තට යට නොවී භාවිතා කරන්න. අධිකරණ බලය යටපත් කරන්න දෙන්න එපා."

"දැනට දවස් 50ක් රිමාන්ඩ් එකේ. මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවලට මරණ දඬුවම දුන්නත්, නඩු විභාගය යන තුරු ඔවුන්ට ඇප ලබා දෙනවා. මෙම අල්ලස් නඩුවට දඬුවම උපරිම අවුරුදු 10යි. ඇයි ඇප ලබා දෙන්න බැරි? තමන්ගේ අම්මාට බරපතළ බයිපාස් එකක් කර තිබීම, තාත්තා හයිපෝටෙන්ෂන් තත්ත්වයෙන් පෙළෙද්දී ඔවුන්ට අවශ්‍ය කටයුතු කරදීම දරුවෙකුගේ වගකීමක්. මම දන්නේ නැහැ ඇයි ඒක සුවිශේෂී නොවන්නේ කියන්නේ කියලා. දැන් අලුත් දෙයක් නිර්මාණය කරලා, බොරු ප්‍රකාශ 2ක් දාලා. කරුණු සලකා බලා ඇප ලබා දෙන්න." යනුවෙන් ජනාධිපති නීතීඥවරයා ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම පවසා සිටියේ ඒවා බොරු ප්‍රකාශ නොවන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප නියෝගය ලබන 3 වන දින සලකා බලන බව නියෝග කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30557,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති නඩු තීන්දු කියාගෙන රට වටේ යනවා - අලි සබ්රි කියූ පීඩක-පීඩිත කතාවකින් උසාවියේ මත ගැටුමක්!
ජනාධිපති නඩු තීන්දු කියාගෙන රට වටේ යනවා - අලි සබ්රි කියූ පීඩක-පීඩිත කතාවකින් උසාවියේ මත ගැටුමක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqUo88azQ0JHjk9ttufEVpVcOsdyOHSAsDDTzCAbtLQEtG6-HS4Xn3FwQACn6xQLhSs7SqUx7qLGooq5lbSKAjKR3hZdLcof08SANc5FQCkmnqZDalvUONjeCxm2y6hqPyTBrcuajOvpmDyHNMzcr0iTqrubBNSOrkmjOwnJY4yUbMF_kN609Bie90v8vA/s320/sabry.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqUo88azQ0JHjk9ttufEVpVcOsdyOHSAsDDTzCAbtLQEtG6-HS4Xn3FwQACn6xQLhSs7SqUx7qLGooq5lbSKAjKR3hZdLcof08SANc5FQCkmnqZDalvUONjeCxm2y6hqPyTBrcuajOvpmDyHNMzcr0iTqrubBNSOrkmjOwnJY4yUbMF_kN609Bie90v8vA/s72-c/sabry.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/10/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy