දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාස්කු ප‍්‍රහාරකයන් බෝ*බ ඇද්දේ මගෙ ලොරියෙන්... නුවර පෙරහැරට, අනුරාධපුරට ගහන්න හිටියේ - රජයේ සාක්කිකරු මාධ්‍ය හමුවක!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මහනුවර ඇසළ පෙරහර සහ අනුරාධපුර පූජා භූමිය ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ මහා විනාශකා...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මහනුවර ඇසළ පෙරහර සහ අනුරාධපුර පූජා භූමිය ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ මහා විනාශකාරී දෙවැනි ප්‍රහාරය වැළකී ගියේ තමන් බුද්ධි අංශ වෙත ලබාදුන් නිවැරදි ඔත්තුව නිසා බවත්, එම නඩුවේදී බරපතළ සිරදඬුවම් නියම වූ මොහොමඩ් රිස්කාන් නමැත්තා බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළේ සිය ලොරි රථයෙන් බවත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සාක්ෂිකරුවකු මෙන්ම ඔත්තුකරුවකු වන විතානගේ ශාන්තිලාල් මහතා අනාවරණය කරයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග Truth with Chamuditha යූටියුබ් නාලිකාව ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ත්‍රස්ත විරෝධී මහාධිකරණය හමුවේ වසර 200ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ 6 වැනි විත්තිකරු වන මොහොමඩ් රිස්කාන් නමැත්තා සමග මීගමුව කටුවාපිටියේ සිට අම්පාර, සම්මන්තුරේ සහ නින්දවූර් දක්වා පැය 13කට අධික කාලයක් පුරා බෝම්බ සහ රසායන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමට තමන්ට සිදුවූ බව ශාන්තිලාල් මහතා එහිදී පැහැදිලි කළේය.

එම භාණ්ඩ තොගය පිළිබඳව පසුව ඇති වූ දැඩි සැකය මත, ජීවිත අවදානම ද නොතකා තමන් වහාම රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව නිලධාරීන් දැනුවත් කළ බව පැවසූ ඔහු, එම තීරණාත්මක තොරතුරු හේතුවෙන් රට පුරා දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව මෙසේ සඳහන් කළේය.

"මගේ ලොරියේ රිස්කාන් නමැති ත්‍රස්තවාදියා එක්කගෙන ගිය බෝම්බ සහ කෙමිකල් යොදාගෙන ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වෙලා තිබුණේ මහනුවර දළදා පෙරහරට සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ඇතුළු පූජනීය ස්ථානවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නයි. ඒ සඳහා අවශ්‍ය බෝම්බ සියල්ල නින්දවූර් නිවසේ සකස් කරමින් තිබුණා. මම ලබාදුන් ඔත්තුව නිසා තමයි ඒ මහා විනාශය වැළකී ගියේ. දහස් ගණනකගේ ජීවිත බේරුණේ මම දුන්න කටඋත්තරය නිසයි."

එසේ වුවද, තමන් ලබාදුන් සියයට 95ක්ම නිවැරදි වූ බුද්ධි තොරතුරු මත වහාම ක්‍රියාත්මක වී නින්දවූර් නිවසේ සිටි සහරාන්ගේ සොහොයුරු රිල්වාන්, ෂයිනී මවුලවි, නියාස් සහ සාරා ජැස්මින් ඇතුළු පිරිස පණපිටින් අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබියදීත්, ඉහළ බුද්ධි අංශ නිලධාරීන් එම වැටලීම හිතාමතාම ප්‍රමාද කළ බවට හෙතෙම බරපතළ චෝදනාවක් එල්ල කළේය.

එම නොසැලකිලිමත්කම සහ ප්‍රමාදය හේතුවෙන් ත්‍රස්තවාදීන්ට නින්දවූර් සිට සයින්දමරුදු දක්වා පලාගොස් බෝම්බ පුපුරුවා ගැනීමට අවස්ථාව උදා වූ බවත්, ඒ හරහා සැබෑ මහමොළකරුවන් පිළිබඳ තොරතුරු සහ සියලු සාක්ෂි යටපත් වී ගිය බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම සැකකටයුතු ක්‍රියාකලාපය පිටුපස එවකට පැවති දේශපාලන වාතාවරණය හමුවේ වාසි ලබාගැනීමේ අරමුණින් සැබෑ මහමොළකරුවන් ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට තමන් සැක කරන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, තමන් ලබාදුන් මෙම තීරණාත්මක ඔත්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සහ එය යටපත් කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් මේ වන විට නාරාහේන්පිට විශේෂ විමර්ශන ඒකකය (SIU) මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, ඊට අදාළව බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත් ශාන්තිලාල් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30494,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප‍්‍රහාරකයන් බෝ*බ ඇද්දේ මගෙ ලොරියෙන්... නුවර පෙරහැරට, අනුරාධපුරට ගහන්න හිටියේ - රජයේ සාක්කිකරු මාධ්‍ය හමුවක!
පාස්කු ප‍්‍රහාරකයන් බෝ*බ ඇද්දේ මගෙ ලොරියෙන්... නුවර පෙරහැරට, අනුරාධපුරට ගහන්න හිටියේ - රජයේ සාක්කිකරු මාධ්‍ය හමුවක!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhll-qq5goLS1XMAwyPBoNFFXrz8eGARr990LuN_j9R63TadtCzA3Xi1DCugqRk127MiyOuUsfzTTwTjoV5L524ATalwOno2wGVullq_2myTUlhrQJUF1FFweqnQlKQbiURU-6NWM7Txu2-jLbNIweBM48BZvuPYEApjGgQtsM_Ujy5m0uViUyE6id4GpNC/s320/1212.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhll-qq5goLS1XMAwyPBoNFFXrz8eGARr990LuN_j9R63TadtCzA3Xi1DCugqRk127MiyOuUsfzTTwTjoV5L524ATalwOno2wGVullq_2myTUlhrQJUF1FFweqnQlKQbiURU-6NWM7Txu2-jLbNIweBM48BZvuPYEApjGgQtsM_Ujy5m0uViUyE6id4GpNC/s72-c/1212.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_957.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/09/blog-post_957.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy