එළඹෙන උත්සව සමයේදී වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමස...
එළඹෙන උත්සව සමයේදී වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කීරි සම්බා සහ සම්බා සහල් ආනයනය කිරීමට සිදුවනු ඇති බවයි.
සම්බා සහ කීරි සම්බා සහල් අධික මිල ගණන් යටතේ (කළුකඩ මිලට) අලෙවි කිරීම බරපතල ගැටලුවක් වී ඇති අතර, ආහාර සුරක්ෂිතතා කමිටුවේදී මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇත.
රට තුළ හිඟතාවක් පවතින ආහාර ද්‍රව්‍ය සහ ධාන්‍ය වර්ග ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව දැනටමත් තීරණය කර තිබේ.
උත්සව සමයේදී පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන පරිදි භාණ්ඩ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණයි.
ඒ අනුව, වෙළඳපොළේ පවතින සහල් මාදිලි කිහිපයක හිඟය සහ අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහා ඉදිරියේදී සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS