හදිසි ආපදාවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කාර්යක්ෂම ලෙස කටයුතු නොකරන විට හදිසි නීතිය පනවා හෝ එම ජනතාවට සහන සලසන ලෙස තමන් ඉතාම සද්භා...
හදිසි ආපදාවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කාර්යක්ෂම ලෙස කටයුතු නොකරන විට හදිසි නීතිය පනවා හෝ එම ජනතාවට සහන සලසන ලෙස තමන් ඉතාම සද්භාවයෙන් ඉල්ලා සිටි බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
එම අපදාවට කිසිසේත් අදාළ නොවන රෙගුලාසී එකතු කරමින් හදිසි නීතිය දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ද ආණ්ඩුව එම නීති අවභාවිත කිරීමට සූදානම් වන බවට ජනතාවට විශාල සැකයක් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
අතීතයේ ආණ්ඩු හදිසි නීතිය අවභාවිත කර ඇති බවත් ජනතාව මෙම ආණ්ඩුව බලයට පත්කරවූයේ ඒ සඳහා නොවන බවත් පසුගිය සමයේ දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවල නිරත වූ ආණ්ඩුව, හදිසි නීතිය අවභාවිත නොකරනු ඇතැයි සිතන්නට කිසිදු ඉඩක් ඉතිරි කර නොමැති බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.
ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS