දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මොඩියුලයේ අසභ්‍ය අඩවිය මං දැන සිටියා... කිවුවෙ නෑ - ජනපතිගේ බෝඩිමේ යාළුවා තිස්ස ජනනායක

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය...

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. 

ඔහු පවසන්නේ අදාළ පෙළ පොතේ ක්‍රියාකාරකමක් සඳහා උදාහරණයක් ලෙස ලබා දී ඇති වෙබ් අඩවි නාමය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලූ විට, එය පිරිමි සමලිංගික වෙබ් අඩවියක් ලෙස දිස්වන බවයි.

සැලසුම් සහගත වැඩපිළිවෙළක් මෙය හුදු අත්වැරදීමකින් සිදු වූ දෙයක් නොවන බව ජනනායක මහතා අවධාරණය කරයි. "නැෂනල් ජියෝග්‍රැෆික්"  වැනි පිළිගත් වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් කිරීමට ඕනෑතරම් අවස්ථාව තිබියදී මෙවැනි අඩවියක් තෝරා ගැනීම පිටුපස කිසියම් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වූ සැලසුම් සහගත වැඩපිළිවෙළක් පවතින බවට ඔහු සැක පළ කරයි. 

අහු නොවුණොත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවන බවත්, අහු වුවහොත් එය අත්වැරදීමක් ලෙස හැඳින්වීම සාමාන්‍ය සිරිත වී ඇති බවත් ඔහු පවසයි.

තමන් මීට මාසයකට පමණ පෙර සිට දැනුවත්ව සිටියද, අදාළ වෙබ් අඩවියට ප්‍රසිද්ධියක් ලැබෙන බැවින් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ බව ඔහු සඳහන් කළේය. 

කෙසේ වෙතත්, මේ වන විට ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා මගින් පවා මෙම වෙබ් අඩවියේ නම සහ QR කේත ප්‍රචාරය කිරීම හරහා එම අඩවියට ලංකාව පුරා නොමිලේ විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති බව ඔහු පෙන්වා දෙයි.

හානිය සිදුවී අවසන් ජනනායක මහතා පවසන්නේ දැන් එම කොටස පෙළ පොතෙන් ඉවත් කළද, අදාළ වෙබ් අඩවිය නිර්මාණය කළ පිරිසගේ අරමුණ දැනටමත් ඉටුවී ඇති බවයි. 

තිස්ස ජනනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සරසවි මිතුරෙක් බව පැවසෙන අතර ඔවුන් දෙදෙනා සරසවි සමයේ එක කාමරයක රැඳී සිටි ජනනාවක මහතා අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබේ.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29928,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොඩියුලයේ අසභ්‍ය අඩවිය මං දැන සිටියා... කිවුවෙ නෑ - ජනපතිගේ බෝඩිමේ යාළුවා තිස්ස ජනනායක
මොඩියුලයේ අසභ්‍ය අඩවිය මං දැන සිටියා... කිවුවෙ නෑ - ජනපතිගේ බෝඩිමේ යාළුවා තිස්ස ජනනායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNyNxeJQ5zZUXmG3dqZ5FGvSGCgvSwqaRyzIdW2Z9Qh8DGbr8JwEq-S93jMPndn314OqWVFCUsV2UJLChNEWtsQxE9LpsI65pWNO5tcKwVTWf6dcvWaXf2wSxrJrqKdfBlKjgTgLKA7aU92PLsvdDi5Hum3IPGC4Hw3l-4keH4SexJgSz9_f1ZFebP7ouh/s320/thissa-jananayake.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNyNxeJQ5zZUXmG3dqZ5FGvSGCgvSwqaRyzIdW2Z9Qh8DGbr8JwEq-S93jMPndn314OqWVFCUsV2UJLChNEWtsQxE9LpsI65pWNO5tcKwVTWf6dcvWaXf2wSxrJrqKdfBlKjgTgLKA7aU92PLsvdDi5Hum3IPGC4Hw3l-4keH4SexJgSz9_f1ZFebP7ouh/s72-c/thissa-jananayake.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_06.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/01/blog-post_06.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy