ජනාධිපතිවරුන්ට කිසිදු බියක් සැකක් නොමැතිව රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට නම් ඔවුන්ට විශ්‍රාමික වරප්‍රසාද තිබිය යුතු බවත් කොටි ත්‍රස්තවාදය ...
ජනාධිපතිවරුන්ට කිසිදු බියක් සැකක් නොමැතිව රට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට නම් ඔවුන්ට විශ්‍රාමික වරප්‍රසාද තිබිය යුතු බවත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ තීන්දුව ගැනීමට ද එය ශක්තියක් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
වත්මන් ජනාධිපතිවරයා ගන්නා බව කියන ඇතැම් තීන්දු තීරණ එතුමාට ද අනාගතයේ පාරාවළල්ලක් විය හැකි බව ද ඔහු සඳහන් කරයි.
මේ වන විට සංවිධානාත්මක අපරාධ රැල්ලක් රටේ ක්‍රියාත්මක වන බව ද එය මර්දනයට කටයුතු නොකර ඇඟ බේරා ගෙන විශ්‍රාම යෑමට ජනාධිපතිවරයා සිතන්නේ නම් විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීමේ තීන්දුවක් ගත හැකි බව ද නාමල් රාජපක්ෂ පවසයි.
COMMENTS