දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිරේ යන්න ඉන්න හිටපු ඇමතිලා 40ක් ගැන අධිකරණ ඇමති කියයි!
Homeප්‍රවෘත්ති

හිරේ යන්න ඉන්න හිටපු ඇමතිලා 40ක් ගැන අධිකරණ ඇමති කියයි!

PropellerAds

පසුගිය කාලයේ මොරටුව දියුණු වුවා කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් සංවර්ධනය වී තිබෙන බව ඇමති හර්ෂණ නානායක...

පානදුර ගබ්සා ‍දොස්තරට ගිනි අවි දුන්නේ පොලිස් ලොක්කෝ දෙන්නෙක් !
කොරෝනා රෝගීන් 06ක් වාර්තා වෙයි
'සිනමාවේ පෙම්වතා' ලෙස ප්‍රේක්ෂකාදරයටපත් තිස්ස විජේසුරේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
පසුගිය කාලයේ මොරටුව දියුණු වුවා කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් සංවර්ධනය වී තිබෙන බව ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම්දී රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට  සහභාගි වෙමිනි.

සර්ව ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස නිශාන්ත ප්‍රදිනාන්දු මහතා සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස ප්‍රභාෂීනී වික්‍රමසිංහ මහත්මිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර අභිනව නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම්දීම ද මෙහිදී  සිදු විය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

ජාතික ජන බලවේගයේ සංස්කෘතිය අනුව ඔබ කිසිවෙක් අපෙන් රැකියා හෝ දරුවන්ට පාසැලක් හෝ ඉල්ලීමට මෙම ස්ථානයට පැමිණයේ නැහැ. අපි එකතු වෙලා ඉන්නේ ගම හදන්නයි. අපිට ගමේ වැඩ කරන්න බිම් මට්ටමේ බලයක් තිබුණේ නැහැ. වසර 27 ක් නාගරික මන්ත්‍රිවරයෙක්ව සිටි නිශාන්ත ප්‍රදිනාන්දු සහෝදරයා අද මොටුව නගරාධිපතිවරයා බවට පත් වෙලා තිබෙනවා .එතුමා ඇතුළු මේ කණ්ඩායම හැර වෙන කිසිවෙක්ට මේ මොරටුව ගොඩ නගන්න බැහැ. වෙනස් නොවුණු මිනිස්සුන්ට වෙනස් වෙන් කාලය ඇවිත් තිබෙනවා. මීට පෙර අදහස් පළ කළ මහත්මයෙක් 2006 වසරේ සිට 2023 දක්වා මොරටුව සංවර්ධනය වු බව සදහන් කළා. මොරටුව කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ බැංකු ගිණුම් සංවර්ධනය වුණා. හිටපු නාගරික මන්ත්‍රිවරුන් තමන්ගේ ගිණුම් සංවර්ධනය කලා. මිනිස්සුන්ව විනාශ කළා. මිනිස්සුන්ම සූරා කාලා තාමත් ලැජ්ජාවක් නැතිව මයික් එක ඉස්සරහට ඇවිත් කියනවා අපි කළා කියලා. ඔය අය ඔය තරමට හොදට කළා නම් මොරටුවේ ජනතාව ඔබතුමන්ලා ගෙදර යවලා අපිව ගෙන්නේ නැහැ. මොරටුව අයිති මේ ගමේ උපන් අයටයි එහෙම නැතිව හොරකම් කරපු කාල කණ්ණි දේශපාලඥයින්ට නොවෙයි.  තව ඉදිරියට කවුරු හරි හිතුවානම් නම් මහජන මුදල් වංචා කරන්න අපේ නගරාධිපති නිශාන්ත සහෝදරයාගේ නායකත්වය යටතේ ඊට දෙන්නේ නැහැ. දුෂණයට වංචාවට එරෙහිව කටයුතු කරන කොට බාධා කරනවා නම් පොලීසියත් අල්ලස් කොමිෂමේ නිලධාරිනුත් පැය විසි හතරම මේ ස්ථානයේ තබමින් මේ හොරු එලවා දමන බව කිව යුතුයි. තවදුරටත් වංචා සිදු වෙන්න ඉඩ දෙන්න බැහැ. අන්න ඒ දේවල් සදහා ජනතා සහාය අවශ්‍යයි. අපේ මන්ත්‍රි කණ්ඩායමට මම විශේෂයෙන් කියනවා විශ්වාසය සහ ඉවසීම තිබිය යුතුයි. තමන්ගේ මන්ත්‍රි කණ්ඩායම විශ්වාස කරන්න ජාතික ජන බලවේගය විශ්වාස කරන්න. ඉවසන්න මඩ ගහයි නින්දා කරයි . ඒවාට යට නොවී ඉවසා ගෙන කටයුතු කරන්න . ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳා ගෙන කටයුතු කරන්න. මේ වසර හතර තුළ මොරටුව ජනතාවට සේවය කරන්න. මොරටුව ජනතාවගේ මුහුණට සිනාවක් ගේන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

දිවුරුම්දීමේ උත්සවය අතරතුර මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදුන් අධිකරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

2019 වසරේ මැතිවරණයෙන් ඡන්ද තුන්දහස් පන්සියක් ලබා ගත් ජාතික ජන බලවේගය වර්තමානය වන විට මොරටුව මැතිවරණ කේට්ඨාශය තුළ ප්‍රබල පක්ෂය බවට පත්වෙමින් ජනාධිපතිවරණය මහා මැතිවරණය ජය ගනිමින් ජාතික ජනබලවේගයේ නගරාධිපතිවරයෙක් බිහි කරන්නට කටයුතු කර  තිබෙනවා. අපි යම් යම් දේවල් කරන බවට පොරොන්දු වුණා. නමුත් අපිට ජනතාවට දැනෙන ලෙස කටයුතු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඊට ප්‍රධාන හේතුවක් බවට පත් වුණේ පලාත් පාලන ආයතන බලය නොමැතිවීමයි. පලාත් පාලන ආයතනය යනු වැදගත්ම ස්ථානයක් බව කිව යුතුයි. අපි දැන් එය ලබා ගෙන තිබෙනවා. අපි ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න කිසිවෙකුට බැරි බව සදහන් කළ යුතුයි.

අපේ මොරටුව නව නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතාට විශාල අත්දැකීම් තියෙනවා. අපි මේ වසර තුළ පමණක් නොවෙයි ඊළග වසර හතර තුළත් මාලිමාවේ නගර සභාවක් බවට මේ නගර සභාව පත් කරනවා.

ප්‍රශ්නය – කොළඹ මහ නගර සභාව ඇතුළු ඇතැම් පලාත් පාලන ආයතනවල බලය මාලිමාවට පිහිටුවන්න බැරි බවට ඇතැමුන් ප්‍රකාශ කරනවා .මේ පිලිබඳව අදහස කුමක්ද ?  .

පිළිතුරු – එහෙම කියන විපක්ෂයට පිහිටුවන්න පුළුවන් කීයක්ද? .තුන්සිය ගණනින් ඒ අයට පිහිටුවන්න පුළුවන් වන්නේ දහ තුනයි. ඒ දහ තුනත් තනියම පිහිටුවන්න බැහැ. නමුත් මාලිමාව සභා 267 ක් ඉදිරියෙන් ඉන්නවා. ඒ 267 බලය අපි පිහිටුවනවා. පළාත් පාලන ආයතන තුළ නිල වශයෙන් විපක්ෂයක් නැහැ. සියලු දෙනා එකතුව ගමට සේවය කිරීම වැඩ කිරීම සිදු කළ යුතුයි. බිම් මට්ටමේ සංවර්ධන වැඩ ආරම්භ කිරීම සිදු වන්නේ අදයි. තව වසර දෙක තුනක් යන විට ඔය කියන විපක්ෂයට අපිත් එක්ක හැරෙන්නවත් බැහැ.

ප්‍රශ්නය – මෙරටුව නගර සභාව තුළ පසුගිය කාලයේ දුෂණ සිදු වුණා. දැනටත් සිටින්නේ එදා කටයුතු කළ නිලධාරීන්මයි. ඒ නිසා ඔබතුමන්ලා අපේක්ෂා කරන පරිදි මේ ගමන යන්න පුළුවන්ද ?

පිළිතුර – මේ රටේ පළාත් පාලන ආයතනවල පමණක් නොවෙයි. ඉහල සිට පහලට දුෂණයෙන් යුක්ත දේශපාලන සංස්කෘතියක් තිබුණේ. බලවත් අය මහජන සම්පත් මංකොල්ල කෑ යුගයක් තිබුනා. අපි දුෂණයෙන් තොර වෙනස උඩ සිට ඇති කළා. මේ රාජ්‍ය තන්ත්‍රය ඇතුළු ක්ෂෙත්‍රය දැන් ක්‍රමයෙන් වෙනස් වෙමින් යනවා.

ඉදිරියේදී තවත් වෙනස් වෙයි. අදුෂීත නව ක්‍රමයක් එන විට පැරණි ක්‍රමයේ නටඹුන් තිබෙනවා. අපි සතුව ඉවසීම සහ විශ්වාසය තියෙනවා . ඒ නිසා මේ දුෂිත සංස්කෘතිය වෙනස් කරන්න අපිට පුළුවන්.

ප්‍රශ්නය – ඇමතිතුමා හොරුන්ට දඩුවම් ලබාදීමේ වැඩ පිළිවෙළෙහි තත්වය මේ වන විට කොහොමද ?

පිළිතුර – අපරාධ දුෂණවලට සම්බන්ධ සියලු දෙනාම අධිකරණය හමුවට පමුණුවනවා කියලා අපි පොරොන්දු වුණා. ඒවා දැන් අපි කරන්න පටන් අරගෙන තිබෙනවා. සාධාරණව යුක්තිය ඉටු වෙන බව දැන් ඔබට පේනවා. කිසිම බලවතෙක් බේරලා නඩු කටයුතු ක්‍රියාත්මක වන්නේ නැහැ . නීතිපතිවරයා සහ පොලීසිය විසින් විමර්ශනය කරන පරීක්ෂණ ගණනාවක් තිබෙනවා. අධිකරණ ඇමති ලෙස අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමත්, නීතිපතිගේ ස්වාධිනත්වය තහවුරු කිරීමත් ඔවුන්ගේ කාර්යය නිවැරදිව කර ගෙන යාමට ඉඩ සැලසීම අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරයයි. විනිශ්චයකාරතුමන්ලාට තමන්ගේ හෘද සාක්ෂිය අනව කටයුතු කළ හැකි වටපිටාවක් අපි සකස් කර තිබෙනවා. විනිසුරුතුමන්ලාට නිවැරදිව තීන්දු ලබා දිය හැකියි. අද මන්ත්‍රිවරුන් පොලීසියට වෙනත් ආයතනවලට බලපෑම් කරන්නේ නැහැ. ස්වාධිනත්වය සකස් කරදුන් පසු නඩුකාරතුමන්ලාට නිවැරදිව කටයුතු කරන්න පුළුවන්. අද ඔබ දකින්නේ ඒ දෙයයි. නඩු විසදීම වේගවත් කිරීම සහ පහසු කිරීම අධිකරණ අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. අපි සියල්ල කරනවා . නැවත වෙන ආණ්ඩුවක් ගැන නොසිතන තැනට අපි මේ රට ගේනවා. අපි සතුව ඉවසීම සහ අරමුණ තියෙනවා.

ප්‍රශ්නය – රාජපක්ෂ පාලනයේ හිටපු ඇමතිවරු 40 ක පමණ ප්‍රමාණයක ලැයිස්තුවක් සකස් කර ගෙන ඔවුන්ගෙන් දේශපාලන පළිගැනීම් කරන බවට ඔවුන් ප්‍රකාශ කරනවා.

පිළිතුර – දේශපාලනිකව පලි ගන්නවා කියන එකයි වරදට සිරගත වෙනවා කියන එකයි දෙකක්. ඒක මම මීට පෙරත් පැහැදිලි කලා. අපේ රජයේ වගකීම පොලිසිය විමර්ශනය කළ පසු වරදකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කිරීමයි. නීතිපතිටත් පොලීසියටත් කාටත් වඩා තමන් කළ සොරකම ගැන දන්නේ තමන්මයි. ඒ නිසා ඔවුන්ට දේශපාලනිකව සුදු කොඩි, ගොක් කොළ වට්ටක්කා එහෙම පේනවා ඇති. මේ එකක්වත් දේශපාලනික නැහැ . මේවා අපි ජනතාවට ලබා දුන් පොරොන්දු බව කිව යුතුයි. ඔවුන් වැරදි කරලා නම් දඩුවම් විදියි. වැරදි කර නැත්නම් නිදහස් වේවි. අපි දේශපාලන පලිගැනීම් කරන්නේ නැහැ . වැරදි කර තිබෙන නිසාවෙන් භීතියෙන් කෑ ගැසීමට පටන් ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

මොරටුව නව නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු, නියෝජ්‍ය නගරාධිපති ප්‍රභාෂීනී වික්‍රමසිංහ, මොරටුව ප්‍රාදේශිය ලේකම් සමන් ප්‍රසන්න යන මහත්ම මහත්මීන් අදහස් පළ කළ අතර නාගරික මන්ත්‍රිවරුන්, මොරටුව නාගරික කොමසාරිස් මනෝජා එස් පතිරණ මෙනෙවිය, නගර සභාවේ උසස් නිලධාරීන් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– මාධ්‍ය ඒකකය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29543,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිරේ යන්න ඉන්න හිටපු ඇමතිලා 40ක් ගැන අධිකරණ ඇමති කියයි!
හිරේ යන්න ඉන්න හිටපු ඇමතිලා 40ක් ගැන අධිකරණ ඇමති කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1Zo2nHMvByXdr7Gt4xWVuaDA_fuoRW3g8Q5df7hyphenhyphen9vDHZQQLjUEBmwxWvgEvfqh2HotBT0sg9ioMMVvBb3mhOWII-5MkajGkgKkJaQRJADBIthQK0eVG06eerFI4y9QeujbI6Ut_3dQmHFl3bU5DeUO1OEFs6prgnQwE23k5N_4sMqWDz2-G2csovuOLK/s320/harshana.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1Zo2nHMvByXdr7Gt4xWVuaDA_fuoRW3g8Q5df7hyphenhyphen9vDHZQQLjUEBmwxWvgEvfqh2HotBT0sg9ioMMVvBb3mhOWII-5MkajGkgKkJaQRJADBIthQK0eVG06eerFI4y9QeujbI6Ut_3dQmHFl3bU5DeUO1OEFs6prgnQwE23k5N_4sMqWDz2-G2csovuOLK/s72-c/harshana.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/06/40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/06/40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy