දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ප්‍රසිද්ධ ස්ථානවලදී පොලිස් ක්‍රියාකාරම් වීඩියෝ කරන සිවිල් පුද්ගලයින් වැලැක්වීම පොලිසියට තහනම් කරමින් පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්!

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බවත්, එවැනි වීඩියෝ කිරීම් කිසිම පොලිස් නිලධාර...

පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බවත්, එවැනි වීඩියෝ කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවත් දන්වමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඊයේ(30) දින වැඩ බලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව RTM924 සහ CRTM762 දරන මෙම චක්‍රලේඛය දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති අතර එම චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ සංස්කරණය නොකළ වීඩියෝ හඬ පට අධිකරණයකදි සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින් පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවය.

එබැවින් පොදු ස්ථානවල සිදුවන පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට බාධා නොකළ යුතුවා සේම, සංස්කරණය කළ වීඩියෝ පට පොලිස් දෙපාර්තමේන්තුවට සහ පොලිස් සේවයට කැළලක් වන ආකාරයට සමාජගත කළහොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බවය.

මෙම චක්‍රලේඛය නිකුත් කරන්නට ප්‍රථම පොලිසියේ ඉහළම නිලධාරීන් අතර ඇති වූ කථිකාවක් පිළිබඳ හෙළිදරවු කරන මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වීඩියෝ පටයක් නිකුත්කරමින් කියා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝ කළ මාධ්‍යවේදියා සම්බන්ධව පොලිසියේ හැසිරීමත්, ලොහාන් රත්වත්තගේ ආයුධ සහිත වාහනය අත් අඩංගුවට ගත් පසු එය ම අවස්ථාව වීඩියෝගත කල තරුණයා සම්බන්ධව පොලිසියේ හැසිරීමත් නිසා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස ප්‍රසිද්ධ ස්ථානවල පොලිස් හැසිරීම් වීඩියෝගත කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි බවය.

මේ ප්‍රශ්නකිරීම් දිගටම සිදුවෙද්දී වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව කළ සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව හැරුණු විට බොහෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙය කිසිම නෛතික වරදක් නොවන බවත්, එවැනි ඉඩකඩක් සැපයීමෙන් පොලිසියේ විනයානුකූල පැවැත්ම සමාජය තුළ තහවුරු කළ හැකි බවත් පෙන්වා දී ඇතැයි වාර්තා වී තිබේ. එමෙන්ම මෙම නිලධාරින්ගේ අදහස වී ඇත්තේ යම් වීඩියෝ කිරීමට බාධා කරන බහුතරයක් නිලධාරීන් විනය විරෝධි කටයුතුවලට නැඹුරු වූවන් බවය.

හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිසියේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මෙම ජනතා මැදිහත්වීමේ සාධනීය බව පිළිබඳ සංවාදයක් ගොඩනගා ඇතැයි ද මේ දීර්ඝ සංවාදයෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් උක්ත චක්‍රලේඛය නිකුත් කර ඇතැයි ද හෙළිදරවු වී ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28991,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රසිද්ධ ස්ථානවලදී පොලිස් ක්‍රියාකාරම් වීඩියෝ කරන සිවිල් පුද්ගලයින් වැලැක්වීම පොලිසියට තහනම් කරමින් පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්!
ප්‍රසිද්ධ ස්ථානවලදී පොලිස් ක්‍රියාකාරම් වීඩියෝ කරන සිවිල් පුද්ගලයින් වැලැක්වීම පොලිසියට තහනම් කරමින් පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBnyecD3nVDaXKH0S82tW3fQneryWKV7lMmujlDoEn9oBIYmDSHEron7KVtHdM9Nbuo8HRsvqsdWkJYA3OAM-nqyB1tVu4e4AxdhTF7fIEoHzKVmCMpaOFfTkajFiJVQXM0vPAGC_ymphxU2lMJIh6O4iusQWTBGxwjgVEJCNrcOX75mz-ZgeLCf699g2q/s320/police-x.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBnyecD3nVDaXKH0S82tW3fQneryWKV7lMmujlDoEn9oBIYmDSHEron7KVtHdM9Nbuo8HRsvqsdWkJYA3OAM-nqyB1tVu4e4AxdhTF7fIEoHzKVmCMpaOFfTkajFiJVQXM0vPAGC_ymphxU2lMJIh6O4iusQWTBGxwjgVEJCNrcOX75mz-ZgeLCf699g2q/s72-c/police-x.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy