ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු පිරිසක් නුදුරේදීම සිය තනතුරුවලින් ඉල්ලා අස්විමට තිරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම රාජ්‍ය ...
ඔවුන් මුහුණපා ඇති දුෂ්කරතාවය පිළිබඳ විෂයභාර ඇමතිවරුන් සමග මෙන්ම ජනාධිපතිවරයා සමගද කීප වතාවක් සාකච්ඡා පැවැත්වුවද අද වෙනතෙක් ඉන් කිසිදු පලක් වී නැති බව ඔවුහු කීහ.
ඇතැම් අමාත්‍යාංශවල කැබිනට් ඇමතිවරු සිය අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරයාට කාමරයක්, වාහන පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද ලබා දී තිබුණ ද අමාත්‍යාංශයේ කිසිදු කටයුත්තකට ඔවුන් සම්බන්ධ කරගන්නේ නැති බවත් කාර්ය භාර්යයක් නොමැතිව උදේ පැමිණ සවසට ගෙදර යන තත්ත්වය තවදුරටත් ඉවසාගෙන සිටීම තේරුමක් නැති බවත් එම ඇමතිවරු කියති.
තමන්ගේ විෂය පථය ගැසට් මගින් නිශ්චිත කර වෙන් කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය ද එය මේ වනතුරු සිදුවී නොමැති බැවින් තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් අපේක්ෂා නොකරන බව ඔවුහු පවසති.
ලංකාසර

COMMENTS