ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නෙරපීම එළඹෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපය රනිල් වික්‍රමසිං...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සහය දැක්වීමේ යෝජනාවට දයාසිරි ජයසේකර මහතා තදින් විරුද්ධ වී තිබේ.
ඒ වෙනුවට ඔහු ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් අපේක්ෂකයෙකුගේ නායකත්වයෙන් යුත් සන්ධානයක් සඳහා සහාය ලබා දිය යුතු බවයි.
ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මූලික වී තිබේ.
මේ් වන විටත් මේ වන විට නිමල් ලන්සා මහතා විසින් සම්බන්ධීකරණය කරමින් සිටින නව දේශපාලන සන්ධානය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් සමීපව කටයුතු කරමින් සිටියි.
එම නව සන්ධානයද මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට සූදානමින් සිටියි.

COMMENTS