ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය ...
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද පත් කිරීමට අනුවය.
මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිතුමන් විසින් (03 වැනිදා) රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලබා දෙන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 වැනි ව්‍යවස්ථාවෙන් ගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කොට තිබේ.
ඒ අනුව, ජනාධිපතිතුමාගේ විදේශීය සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන තෙක්, 2023-05-04 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.

COMMENTS