මෑතක දී පිහිටුවන ලද නිදහස් ජනතා සන්ධානය තුල මේ වනවිට බරපතළ බෙදීම් වලට ලක්ව ඇති බව වාර්ථා වෙයි. එම තත්ත්වයන් මත මෙවර මැයි දිනය එම සන්ධානය...
එම තත්ත්වයන් මත මෙවර මැයි දිනය එම සන්ධානයේ කොටස් හයක් දක්වා වෙන්වී සැමරීමට තීරණය කර තිබේ.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හෙළිකොප්ටරය ලකුණ යටතේ නිදහස් ජනතා සන්ධානය ලෙස මෙම නව සන්ධානයක් පිහිටුවා දැනට මාස තුනක්වත් ගත වී නැත.
මේ වනවිටත් එම පක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ හය තුළ ජාතික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්ති, ආර්ථිකය ප‍්‍රතිපත්තිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පෞද්ගලීකරණය සම්බන්ධයෙන් විවිධ මත වාද ඇතිවී තිබේ.
එම තත්ත්වය මත ඔවුන්ට මැයි දිනය එක්ව සැමරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඒ අනුව එම සන්ධානයේ පක්ෂ වෙනම වෙන වෙනම මැයි දැන සැමරුම් පැවැත්වීමට නියමිතව තිබේ.
වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම මේ රැළිය මහනුවරදී පැවැත්වෙන බව ප්‍රකාශ කර ඇති අතර උත්තර ලංකා සභාගය මැයි රැුලිය කොළඹදී පැවැත්වීමට සංවිධානය වෙමින් ඇත.

COMMENTS