දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්! ලක්ෂ 2000ක් නෙමෙයි කෝටි 50000ක් දීලා හරි පුලුවන් නම් එක මන්ත්‍රී කෙනෙක් අරන් පෙන්වන්න! සල්ලිවලට ජනමතය පාවා දෙන කවුරුවත් අපි ගාව නෑ!

සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යන බවට වන ව්‍යාජ පුවත් මවමින් රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය දෙකඩ ක...

සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යන බවට වන ව්‍යාජ පුවත් මවමින් රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආරම්භ කර ඇති බවත් එක් මන්ත්‍රීවරයෙක්ම ලක්ෂ 2000ක් ලබා දී මුදලට බා ගැනීමේ උත්සාහයක නිරත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට හදන්න මුදල් නැති මේ රජය මන්ත්‍රීවරු මුදලට බා ගන්න උත්සාහ කළත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිදු මුදලක් නැතිව විපක්ෂයට එන්න සූදානම් බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිසිදු අවස්ථාවක මුදලට තම ආත්ම ගරුත්වය පාවා නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2020 මේ රටේ ජනතාව මාස 6ක් වයසැති සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 54ක් ලබා දී මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට උපකාරී කළ බවත් එබැවින් ලක්ෂ 2000ක් හෝ ඊට වැඩි ගාණක් දුන්නත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තම ආත්මගරුත්වය වරප්‍රසාද හෝ වරදානවලට පාවා නෙදෙන බවත් ඔවුන් ජනතාවට කිසිදින ද්‍රෝහී නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් තමා ආණ්ඩුවට අභියෝග කරන්නේ ලක්ෂ 2000 නොවේ කෝටි 50000කට හෝ පුලුවන් නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු තම පැත්තට අරන් පෙන්වන ලෙසත් එවැනි ජනතාවට ද්‍රෝහී වන මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සදහා මුදල් ලෙස යොදා ගන්නේ කළු සල්ලි සහ පැන්ඩෝරා පත්‍රිකා මුදල් බවත් ඒ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ ආණඩුව හැම අතකින්ම ජනතාවට පන්න පන්න පහර දෙන බවත් විදුලි බිල වැඩි කරමින් බදු වැඩි කරමින් පොලි අනුපාත වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊට අමතරව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි මැතිවරණය කඩාකප්පල් කරමින් සිටින බවත් ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීම් නව පනතක් ගෙනවිත් වෘත්තීය සමිති සමිති නායකයන් විශ්වවිද්‍යාල සිසුන් සහ පොදු ජනතාව ත්‍රස්තවාදීන් ලෙස හැදින්වීමට උත්සාහ ගන්නා බවත් පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ දෙහිවල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29550,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්! ලක්ෂ 2000ක් නෙමෙයි කෝටි 50000ක් දීලා හරි පුලුවන් නම් එක මන්ත්‍රී කෙනෙක් අරන් පෙන්වන්න! සල්ලිවලට ජනමතය පාවා දෙන කවුරුවත් අපි ගාව නෑ!
සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්! ලක්ෂ 2000ක් නෙමෙයි කෝටි 50000ක් දීලා හරි පුලුවන් නම් එක මන්ත්‍රී කෙනෙක් අරන් පෙන්වන්න! සල්ලිවලට ජනමතය පාවා දෙන කවුරුවත් අපි ගාව නෑ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOW3W7UkTUefAyip0xbX3VahSanOUNyZx_HibuzrBlLqZu_jYsJpDIa0J8_R0OWswovvFFgRVYKzVaQsRsobG4dlrobiexjBhL5lzecMOdX5wkgZUfKQtLJCBY_8TR1qB5lZNHbt0dG1pvW6oeFQMl-VnQmL1TuGAQRPjM7L6UGVrO_4UIkmg36l8iiA/s320/SAJITH-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOW3W7UkTUefAyip0xbX3VahSanOUNyZx_HibuzrBlLqZu_jYsJpDIa0J8_R0OWswovvFFgRVYKzVaQsRsobG4dlrobiexjBhL5lzecMOdX5wkgZUfKQtLJCBY_8TR1qB5lZNHbt0dG1pvW6oeFQMl-VnQmL1TuGAQRPjM7L6UGVrO_4UIkmg36l8iiA/s72-c/SAJITH-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/2000-50000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/2000-50000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy