දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාපට් මාර්ග මිල අධිකයි.. තාර, කළු ගල් නැතිව ලාබ මාර්ග හදන්න බන්දුලගෙන් උපදෙස් - බන්දුල ගුණවර්ධන
Homeප්‍රවෘත්ති

කාපට් මාර්ග මිල අධිකයි.. තාර, කළු ගල් නැතිව ලාබ මාර්ග හදන්න බන්දුලගෙන් උපදෙස් - බන්දුල ගුණවර්ධන

PropellerAds

වියදම් අධික කාපට් මාර්ග වෙනුවට නව තාක්ෂණයෙන් යුතු අඩු වියදමින් මාර්ග ඉදිකිරීම් පිළිබඳ පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙස ප්‍රවාහන මහා...

රන්ජන් ස්මාර්ට් ගේමක් ගහයි... කඩිමුඩියේ හඬපට පටිගත කර සමාජජාලවට මුදාහරී…
"බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම, ප්‍රජාතන්ත්‍රවාදය මකා දැමීමක්"
මෙට්‍රෝපොලිටන් RMV ඩ්‍රයිවින් ලයිසන් වංචාවේ මහ මොළකාරයෝ මෙන්න
වියදම් අධික කාපට් මාර්ග වෙනුවට නව තාක්ෂණයෙන් යුතු අඩු වියදමින් මාර්ග ඉදිකිරීම් පිළිබඳ පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ රත්මලාන පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පර්යේෂණ හා සංවර්ධන අංශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේ දීය.

එහිදී දැනට ශ්‍රී ලංකාව තුළ පවතින මාර්ග නිසි ප්‍රමිතියකින් යුතුව සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභා හා පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතන සමගද එකඟතාවයකින් යුතුව ජාතික වශයෙන් ක්‍රියාත්මක වන නිසි ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍යරයා විසින් අවධාරණය කළේය.

මෙම කාර්යය සඳහා පර්යේෂණ හා සංවර්ධන අංශය මඟින් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වල ඒකාබද්ධ එකඟතාවකින් යුතු වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම ආයතනය තුළ සිදු කෙරෙන පර්යේෂණ හා සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් පෞද්ගලික අංශයේ වෘත්තිකයින්ටද අවශ්‍ය පුහුණුව සමඟ ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම් (NVQ) ලබා දිය හැකි ආකාරයේ පහසුකම් ආයතනය තුළ ස්ථාපිත කිරීම තුළින් ආයතනය පිළිබඳව ජාතික මට්ටමේ පිළිගැනීමක්‌ හා නව ආදායම් උත්පාදන මාර්ගයක්ද බිහි කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී දැනට මෙරට මාර්ග ඉදිකිරීම සහ අලුත් වැඩියාව සඳහා භාවිතා කෙරෙන ගල් කුඩු, තාර, කාපට් ආදිය යොදා ගනිමින් සිදුකෙරෙන ක්‍රමවේදයට විකල්පයක් ලෙස කලු ගල් හා ඒ බී සී භාවිතයෙන් තොරව පිහිටි පොළොව ශක්තිමත් කරමින් මාර්ග ඉදිකිරීමේ ක්‍රමවේදය පිළිබඳව ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව සිදුකෙරෙන පර්යේෂණ හා අත්හදා බැලීම් කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.

එහිදී දැනට භාවිතා කෙරෙන ක්‍රමවේදයන් හා ඉදිරිපත්ව ඇති මෙම අඩු වියදම් ක්‍රමවේදය පිළිබඳව ප්‍රායෝගිකව සොයා බලමින් එහි ඵලදායි තත්වය පිළිබඳව පරීක්ෂාකර ඉදිරි කටයුතු කිරීමට කමිටුවක් පත් කරමින් කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රකාශ කළේය.

මෙහිදී මෙම නව අත්හදා බැලීම් සඳහා ආදර්ශ මාර්ගයක් ලෙස කොට්ටාව – මොරගහහේන මාර්ගය යොදා ගනිමින් පරීක්ෂාවක් සිදුකර එහි යෝග්‍යතාවය පරික්ෂා කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් මූල්‍ය වශයෙන් අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින අවස්ථාවේ අඩු වියදම් ක්‍රමවේදයන් පිළිබඳව ඉදිරිපත් වන යෝජනා පවතී නම් එවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම මෙම අවස්ථාවේ ඉතාමත් කාලෝචිත බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29320,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාපට් මාර්ග මිල අධිකයි.. තාර, කළු ගල් නැතිව ලාබ මාර්ග හදන්න බන්දුලගෙන් උපදෙස් - බන්දුල ගුණවර්ධන
කාපට් මාර්ග මිල අධිකයි.. තාර, කළු ගල් නැතිව ලාබ මාර්ග හදන්න බන්දුලගෙන් උපදෙස් - බන්දුල ගුණවර්ධන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDmP1f2B-XXAs_KYtUjJwBXC6sxPQn0sqLX1SWpUkGLBGpiZosQn6sn4EpUKx9C649LMpqk_Yxhr4CSoPzpxe2hRW491ThHU0ETe-3FWjR_dqnZlYX_pkSGRLBEABp6R7iFW0NfhNwLCSugKh8ioYtzoYBvZBFyL7Rj8WzgL0DYMkJpMWCVzkF4A/s320/bandula.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDmP1f2B-XXAs_KYtUjJwBXC6sxPQn0sqLX1SWpUkGLBGpiZosQn6sn4EpUKx9C649LMpqk_Yxhr4CSoPzpxe2hRW491ThHU0ETe-3FWjR_dqnZlYX_pkSGRLBEABp6R7iFW0NfhNwLCSugKh8ioYtzoYBvZBFyL7Rj8WzgL0DYMkJpMWCVzkF4A/s72-c/bandula.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_32.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/blog-post_32.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy