දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නත්තල් දා වෙස්වලාගෙන රටින් පනින බව බුද්ධි අංශ කල් තියාම දැනන් ඉඳලා! ඉන්දියාවට යන්න මන්නාරමෙන් බෝට්ටුවකට නැග්ගේ ‌ප්‍රබල දේශපාලඥයකුගේ සහෝදරයාගේ රැකවරණයෙන්! ඇප ලැබුණු ගමන් පාතාලයේ ගෝඩ්ෆාදර් කංජිපානි ඉම්රාන් රටින් පැන්නෙ මෙහෙමයි!
Homeප්‍රවෘත්ති

නත්තල් දා වෙස්වලාගෙන රටින් පනින බව බුද්ධි අංශ කල් තියාම දැනන් ඉඳලා! ඉන්දියාවට යන්න මන්නාරමෙන් බෝට්ටුවකට නැග්ගේ ‌ප්‍රබල දේශපාලඥයකුගේ සහෝදරයාගේ රැකවරණයෙන්! ඇප ලැබුණු ගමන් පාතාලයේ ගෝඩ්ෆාදර් කංජිපානි ඉම්රාන් රටින් පැන්නෙ මෙහෙමයි!

PropellerAds

මෙරට දරුණු ගණයේ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ කංජිපානි ඉම්රාන්ට ඇත්තේ ඉහළ තැනකි. මත්කුඩු ජාවාරම්කරුවෙක්ද වන කංජිපානිට ජාත්‍යන්තර මත්කුඩු මාෆියා...

මම එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ - දුමින්ද
ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරයි
ති‍්‍රපිටකය ලෝක උරුමයක් කෙරෙන යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ මහෝත්සවය අද
මෙරට දරුණු ගණයේ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ කංජිපානි ඉම්රාන්ට ඇත්තේ ඉහළ තැනකි. මත්කුඩු ජාවාරම්කරුවෙක්ද වන කංජිපානිට ජාත්‍යන්තර මත්කුඩු මාෆියාකරුවන් සමඟ ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධයකි. මාකදුරේ මධුෂ්ව පවා ඩුබායි වෙත ගෙන්වා ගෙන ඔහුව දැවැන්ත මත්කුඩු ජාවාරම්කරුවෙක් බවට පත්කළේද කංජිපානි ය. 
 
එදා මාකදුරේ මධුෂ් විසින් මෙහෙයවනු ලැබුවේ කංජිපානිගේ මත්කුඩුය. කංජිපානි කළේ මධුෂ්ව පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙස ඉහළට ඔසවා තබා ඒ හයියෙන් මත්කුඩු ජාවාරමේ ඒකාධිකාරය අල්ලා ගැනීමය. මාකදුරේ මධුෂ්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ මත්කුඩු ජාවාරමේ එකල මැෂිම වූයේ කංජිපානි ය. මත්කුඩු ජාවාරම පමණක් නොව, මාකදුරේ මධුෂ් කේන්ද්‍රකරගෙන පාතාල අධිරාජ්‍යක් ගොඩනැඟීමට පවා මුල්වූයේ කංජිපානි ය. ඒ සඳහා ඇතැම් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවගේ පමණක් නොව, අන්තවාදයට උඩගෙඩි දෙන ඇතැම් මුස්ලිම් දේශපාලඥයන්ගේද ආශිර්වාදය කංජිපානිට ලැබී තිබුණේ මදි නොකියන්නටය. මේ වන විට අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව කංජිපානි ඉම්රාන් නත්තල් දා මහා රෑ කාටත් හොරා මන්නාරමෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලා ගියේ යැයි කියැවෙන්නේ ද එකී දේශපාලඥයකුගේ සහෝදරයකුගේ රැකවරණය ලබමිනි.

මාළු බෝට්ටුවක නැඟී ධීවර වෙස් ගෙන කංජිපානි ඉම්රාන් හොර රහසේ ඉන්දියාවට පලා ගිය බව ඔහු ඉන්දියාවට පය තබා පැය 24ක් යන්නට මත්තෙන් අපේ රටේ ආරක්ෂක බුද්ධි අංශ දැන සිටියේය. පසුගිය දෙසැම්බර් 20 වෙනිදා කංජිපානි ඉම්රාන් අලුත්කඩේ අධිකරණයෙන් ඇප ලබා එළියට එන විටම ඔහු වැඩිකල් යන්නට මත්තෙන් රටින් පලායන බව ද බුද්ධි අංශ විසින් තක්සේරු කර තිබුණේය. සෙසු ආරක්ෂක අංශ සමඟ ඒ තොරතුරු හුවමාරු කර ගනිමින් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලායාම වළක්වාලන්නට හෝ මහා මුහුදේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබුණු බවක් නම් අදටත් දැනගන්නට නැති තරම්ය. සැබෑ ලෙසම සිදුව තිබුණේ කංජිපානි ට ඉන්දියාවට පලා යන්නට දී බලා සිටීමය.

මේ ගැන තොරතුරු සොයා බැලීමේදී පෙනී යන සුවිශේෂී කරුණක් වන්නේ අඩුම තරමින් ඔහු රටින් පලා යන බව හෝ පලාගිය බවක් වත් ඉහළ ආරක්ෂක බලධාරීන්ව කිසිදු බුද්ධි අංශයක් දැනුම්වත් කර නොතිබීමය. කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් ඇති බව එම ආරක්ෂක බලධාරීන් පවා දැන ගන්නේ “ද හින්දු“ පුවත්පතෙනි. ඒ “ද හින්දු“ පුවත්පත ඉන්දියානු ආරක්ෂක අංශ තොරතුරු උපුටා දක්වමින් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලා ඒමත් ඔහුව සොයා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන මෙහෙයුමක් ගැනත් පළකර තිබුණු බැවිනි.

කංජිපානි ඉම්රාන් 2019 වසරේ සිට පසුගිය දෙසැම්බර් 20 වෙනිදා ඇප ලබා එළියට එන තුරුම සිටියේ බන්ධනාගාරගතවය. 2019 වසරේදී ඔහු බන්ධනාගාරගත වන්නේ ද මාකදුරේ මධුෂ්ගේ දියණියගේ උපන්දින සාදයේදී ඩුබායි පොලිසියේ අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිණි. එසේ නොවන්නට කිසිදිනක ඔහු හිරේ විලංගුවේ වැටේවි යැයි සිතිය නොහැකිය. එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් කංජිපානිව අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ ද සති කිහිපයක් රඳවා ගෙන කෙරුණු දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය. අවසානයේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු 2019 වසරේ අගෝස්තු 23 වෙනිදා සිරදඬුවමකට ලක්වන්නේ ගංජා නඩුවකටය. ඒ 2013 වසරේ සැත්තැම්බර් 18 වෙනිදා මාළිගාවත්ත පොලිසිය විසින් ගංජා කිලෝ 05යි ග්‍රෑම් 300ක් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙනි. ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගන්නා කංජිපානිට ඒ සම්බන්ධයෙන් දඬුවම් නියම වන්නේ එක් චෝදනාවකට වසර 03 බැගින් වූ වසර 06 ක සිරදඬුවමකි. ඒ එකවර ගෙවී යන ලෙසිනි.

කංජිපානි ඉම්රාන්ට එරෙහිව ඇති එකම අපරාධය වන්නේ මෙම ගංජා නඩුව පමණක් නොවේ. මත්කුඩු ජාවාරම මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නක්ම ඔහුට එරෙහිව පොලිස් පොත්වල ලියැවී ඇතුවා මෙන්ම අධිකරණවල විභාග වෙමින් ද ඇත්තේය. ඒ සෑම නඩුවකටම ඔහු සිරදඬුම් ලබමින් සිටියදී පසුගිය කාලය පුරාම අධිකරණයෙන් ඇප ගත්තේය. ඒ රටේ ඉහළම නීතිඥවරුන් අල්ලාගෙනය. පසුගිය දෙසැම්බර් 20 වෙනිදා ඔහු අලුත්කඩේ අධිකරණයෙන් එළියට එන්නේද පවතින හැම නඩුවකට ම ඇප ද ලබා වසර තුනක සිරදඬුවම ද අවසන් කරමිනි.

එදා අධිකරණය විසින් ඔහුට ලබාදුන් ඇප නියෝගයන්ට අනුව රටින් පිටවීම පවා ඇත්තේ ඔහුට තහනම් කරමිනි. එබැවින් ඔහුට ගුවන් තොටුපොළකින් හෝ වරායකින් නීත්‍යානුකූල ක්‍රමයකට රටින් පිටව යන්නට කිසිසේත්ම ඉඩක් නැත්තේය. මන්නාරමෙන් බෝට්ටුවක නැඟී ඔහු ඉන්දියාවට පැන ගන්නේ එබැවිනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් සහිතව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණයට පැමිණි කංජිපානි ඉම්රාන් එදා ඇප ලබා අධිකරණ භූමියෙන් පිටතට යන්නේ ද වෙස් වළාගෙනය. ඒ අධිකරණයේ වැසිකිළියට ගොසිනි.

මෙසේ කංජිපානි ඉම්රාන් සිය ස්වරූපය වෙනස් කරගෙන අධිකරණ භූමියෙන් එළියට ඔහු ගියේ ද ලොරි, බස් රථ, ත්‍රීරෝද රථ, වෑන් රථ, මෝටර් රථ ආදී වාහන රැසකට තැනින් තැන ගොඩවෙමින් ඔහුව කිසිවකුගේ ඉලක්කයකට ලක් නොවන ලෙසිනි. ඒ අතර ඔහු තමා ඇඳ සිටි ඇඳුම් ද මාරු කර තිබුණේ සුළු අතපසු වීමකටවත් ඉඩ නොතබමිනි. අවසානයේදී ඔහුට මුස්ලිම් කාන්තාවන් හදිනු ලබන බුර්කාවකින්ද සැරසෙන්නට සිදුවී තිබුණු බව සඳහන්ය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ සිට ඔහු එසේ වාහන මෙන්ම ඇඳුම් පැලඳුම් පවා වෙනස් කරමින් කිලෝ මීටර් 130ක් 140ක් දුර ගෙවා යමින් එදා ඔහුගේ ගමනාන්තය බවට පත්ව තිබුණේ යැයි කියැවෙන්නේ පුත්තලම පැත්තේ තැනකි. කංජිපානි ඉම්රාන් මන්නාරමට ගොස් බෝට්ටුවක ඉන්දියාවට ගොස් ඇත්තේද පුත්තලමේ සිටය. අනාවරණය වෙමින් ඇති අකාරයට අනුව ඔහු පුත්තලමේ සිට මන්නාරමට යන්නේද මාළු ලොරියක නැඟීය. ඒ මාළු කාරයෙක් ලෙසිනි.

කංජිපානි ඉම්රාන් මෙසේ වෙස් වළාගෙන ඉන්දියාවට පලා යන්නේද මෙරට රැඳී සිටීම ඔහුගේ ජීවිතයට දැඩි තර්ජනයක් වී තිබීම හේතුවෙනි. ඒ ආරක්ෂක අංශ වලින් නොව දෙමටගොඩ පාතාලයෙනි. එදා ඔහු අධිකරණයෙන් ඇප ලබා එළියට එන විටත් දෙමටගොඩ පාතාලයේ ගිනි අවි කිහිපයක්ම ඔහුව පිළිගන්නට අධිකරණ සංකීර්ණය අවට මාර්ගවල තිබී ඇත්තේ සූදානමිනි. කංජිපානි සිය ස්වරූපය වෙනස් කරගෙන උසාවි බිමෙන් එළියට නොයෙන්නට කංජිපානිට සිදුවන්නේ කුමක්දැයි ඔහුටවත් සිතා ගන්නට නොහැකි වනු ඇත.

දෙමටගොඩ පාතාලය කංජිපානිට ඉව අල්ලන්නේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී දෙමටගොඩ පාතාලයේ රජුන් සහ කංජිපානි ඉම්රාන් අතර පැවති ගැටුමක ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී කංජිපානි ඉම්රාන් විසින් දෙමටගොඩ පාතාලයට අභියෝග කරනුයේ පවුල් පිටින් විනාශ කර දමන බවටය. බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂක බන්ධනාගාරයක් බව පිටතට පෙනෙන්නට තිබුණද එහි ඇතුළේ වෙන දේවල් දෙමටගොඩ පාතාලය හොඳ හැටි දැන සිටියේය. සිය පියාව මාළිගාවත්තේදී කපා කොටා මරා දැමීමට උත්සාහ ගත් පූකුඩිකන්නාගේ ගෝලයන් තිදෙනකු අභිරහස් ලෙස ඝාතනය වුණේ කෙසේදැයි කියාත් දෙමටගොඩ පාතාලයටනම් රහසක් නොවීය. එබැවින් සිය පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ඇත්තේ ලොකු අවධානමක බව වටහා ගත් දෙමටගොඩ පාතාලය සිය අඹුදරුවන් රටින් පිටමන් කරන්නට පවා වගබලා ගත්තේ මාස කිහිපයකට පෙරය.

කංජිපානි ඉම්රාන් ගෝල්ෆේස් අරගලයේ ද ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස රැඳී සිටියෙකි. ඒ අරගල භූමියට පැමිණ නොව බූස්සේ සිට සිය ගෝලබාලයන් මඟින් අරගලකරුවන්ට අවශ්‍ය පහසුකම් සපයමිනි. එම පහසුකම් තමන්ට ලැබෙන්නේ කංජිපානිගෙන් බව අරගලකරුවන් ද දැන සිටි බවක් අනාවරණය වන්නේ නැත. කංජිපානි ඒ පහසුකම් අරගලකරුවන්ට ලබාදී තිබුණේ සිය පියා මඟිනි. ජනාධිපති මැදුරට රිංගූ පිරිස් අතර ද කංජිපානි ඉම්රාන්ගේ පියා ද ඉදිරියෙන්ම සිටියේය.

කංජිපානි ඉම්රාන් ඇප මත එළියට ආ සැණින් ඉන්දියාවට පලා යන්නේ ද එරට රැඳී සිටින මෙරට පාතාල අපරාධකරුවෝ බුරුතු පිටින් ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගනිමින් සිටින වකවානුවකදීය. කිඹුලා ඇල ගුණා ඇතුළු පාතාලයේ ප්‍රබලයන් මෙන්ම ඔවුන්ගේ ගෝලබාලයන් විස්සකට වැඩි පිරිසක් මෑතක් වන තුරුම සිටියේ පොලිස් අත්අඩංගුවට පත්ව තමිල්නාඩුවේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකය. ඒ අය අතරින් කිඹුලා ඇල ගුණා, පූකුඩුකන්නා, මොහොමඩ් අස්මින්, කොටගාමිණි, බුම්මා, කෙසෙල්වත්තේ දනුක, අතුරුගිරියේ ලඩියා, ආමි අසිත, වැල්ලේ සුරංග සහ දිලීපන් යන අපරාධකරුවන් දස දෙනා දැන් සිටින්නේ ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය භාරයේය. ඒ ඔවුන් පකිස්තානයේ ක්‍රියාත්මක ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන හාජි සලීම් නැමැති අන්තවාදීයා සමඟ සම්බන්ධ වෙමින් ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් එල්. ටී. ටී. ඊ. යට පණ දෙන්නට අවි ආයුධ ජාවාරමක නිරත වීමක් ගැන හෙළිවීමක් මුල් කරගෙනය. මත්කුඩු ජාවාරමට සම්බන්ධ මෙම අපරාධකරුවන් දස දෙනාම ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත්කර ඇති අය වීම විශේෂත්වයකි.

කංජිපානි ඉම්රාන් ගැන පවා ඉන්දියානු ආරක්ෂක අංශ දැඩි අවධානයකින් සිටින්නේ ඔහු එල්.ටී.ටී.ඊ.යට පණ දෙන්නට සූදානම් වන අයෙක් නිසා යැයි කිව නොහැකිය. ඊට එහා ගිය පකිස්තානු අන්තවාදීන් සමඟ ඔහුට ඇති සම්බන්ධකම් නිසා වන්නට හැකිය. ඉන්දියාවට පැන්නා යැයි කීවාට කංජිපානි ඉම්රාන් සැබෑ ලෙසම පැන්නේ ඉන්දියාවේ රැඳී සිටින්නට නොව ඉන්දියාව ඔස්සේ පාකිස්ථානයට පැන ගැනීමේ සූදානමක් ඇතිවය. ඒ ඔහුට ආරක්ෂාවක් ඇත්තේ පාකිස්ථානයේ නිසා බැවිනි. බුද්ධි අංශ විශ්වාස කරනුයේ දැනටමත් ඔහු පකිස්ථානයට පය තබා ඇති බවය.

කංජිපානි ඉම්රාන්ට පකිස්ථානයේ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන්නේ මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන මොහොමඩ් සිද්ධික් හරහාය. කංජිපානි ඉම්රාන් මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස කරලියට එන්නේ ද මොහොමඩ් සිද්ධික්ගේ රියදුරු ලෙස කලක කටයුතු කිරීම ඔස්සේය. පකිස්ථානයේ සිට මෙරටට කන්ටේනර් තුළ රැගෙන එන අල ලූනු මෙන්ම විදුලි උපකරණ අතර සඟවා මහා පරිමාණයෙන් මත්කුඩු රැගෙන එන්නේද මොහොමඩ් සිද්ධික්ය.

ඔහුව සැලකෙන්නේ මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙසිනි. සිද්ධික්ගේ මත්කුඩු ජාලය ශ්‍රී ලංකාවට පමණක් නොව, මාලදිවයින, සීසෙල්ස් වැනි රටවල් දක්වාම විහිදී ඇත්තේය. වෙලේ සුදා, වෝඩ් ප්ලේස් සියාම් වැනි මත්කුඩු ජාවාරමේ කූප්‍රකට චරිත රැසක්ම මත්කුඩු ජාවාරමට අතපොත් තබා ඇත්තේ ද සිද්ධික් යටතේය. මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබමින් සිටි සිද්ධික් දැන් සිටින්නේ ඩුබායිවලය. ඒ ජීවිතාන්තය දක්වා ලැබූ සිර දඬුවමින් ඔහුට අභියාචනාධිකරණයෙන් නිදහස ලැබීම නිසාය.

සිද්ධික්ට මෙරට පමණක් නොව, පකිස්ථානයේද බිරියක් සිටින්නීය. ඇය පකිස්ථානයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කාරියකගේ නැඟණියකි. සිද්ධික් මත්කුඩු ජාවාරමේ ඉහළම පුරුකක් බවට පත්වන්නේ ඒ හයියෙනි. කංජිපානි ඉම්රාන්ට ඇත්තේ එම මත්කුඩු ජාලය සමඟ සමීප සම්බන්ධයකි. එම මත්කුඩු ජාලය ක්‍රියාත්මක වෙමින් ඇත්තේ පකිස්ථාන සහ ඇෆ්ගන් සීමාවේය. කංජිපානිට ද ඒ අය සමඟ ඇතැයි කියැවෙන්නේ ඉතා කිට්ටු සම්බන්ධයකි.

ඒ අයගේ සහයෙන් කංජිපානි ඉම්රාන් දැන් සූදානම වන්නේ පකිස්ථානු ජාතිකයෙක් ලෙස ඩුබායිවලින් මතු වෙන්නටය. ඒ ඔහුගේ සියලුම ව්‍යාපාර කටයුතු ඇත්තේ ඩුබායිවල බැවිනි. මාකදුරේ මධුෂ් සමඟ ඔහු ඩුබායි පොලිසියට හසුවන විට එහි රැඳී සිටියේද ආයෝජකයෙක් ලෙසිනි. මත්කුඩු ජාවාරමෙන් ඔහු උපයාගත් කෝටි ගණන් මුදල් ඇත්තේ යැයි කියැවෙන්නේද ඩුබායි බැංකුවලය. ඒ හැරුණු කොට මාකදුරේ මධුෂ්ගේ ඩුබායි හි ඇතැයි කියනු ලබන තරු පන්තියේ හෝටලය ඇතුළු දේපොළ ගැන මෙන්ම බොහෝ රහස් ද දන්නේ කංජිපානි ඉම්රාන් පමණි. මාකදුරේ මධුෂ්ගේ ඝාතනයත් සමඟ ඒ බොහෝ දේවල් වැළලී ගිය බව බොහෝ අය සිතුවත් කංජිපානි ඉම්රාන් හෙට දිනයේ ඒ සියලු සම්පත් සියතට ගනිමින් එහි සිට කොළඹ පාතාලයේ බලය පමණක් නොව, මත්කුඩු බෙදා හැරීමේ ජාලයම සිය අණසකට නතුකර ගනු ඇත. ඒත් සමඟම තැන තැන ලේ වැගිරීම් සිදුවන්නට ඇති ඉඩකඩ බොහෝය.

කංජිපානි ඉම්රාන් පාතාලයට වැටුණු හැටි

කංජිපානි ඉම්රාන් යැයි කීවාට ඔහුගේ දෙමාපියන් ඔහුට නම් තබා ඇත්තේ මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් යැයි කියාය. ඉම්රාන්ගේ පියා මාළිගාවත්තේ සව් කැඳ අලෙවිකරුවෙකි. කරත්තයක සව් කැඳ රැගෙන ගොස් හන්දියක් හන්දියක් ගානේ යමින් අලෙවි කිරීම්වල නිරතව සිටි ඔහුගේ සහයට ඇතැම් දිනවල ඉම්රාන් ද ගියේය. සව් කැඳවලට දෙමළ භාෂාවෙන් කියන්නේ කංජිපානි යැයි කියාය. ඒ නිසා මිතුරන් ඔහුට නමක් පටබඳින්නේ කංජිපානි ඉම්රාන් යැයි කියාය.

කංජිපානි ඉම්රාන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවෙක් බව සදහන්ය. ඔහුගේ මුල්ම රැකියාව බව සඳහන් වන්නේ මාළිගාවත්තේ පිහිටි පොදු වෙළද සංකීර්ණය තුළ ඇති කුකුළු මස් කඩේ මුදල් අයකැමි කමය. පාසල් ගමනට සමුදීමෙන් පසු වසර තුනක් තිස්සේම ඔහු එහි සේවය කළේය. පසුව තමාගේම යැයි කියා කුකුළු මස් කඩයක් ඔහු මාළිගාවත්ත හන්දියේ දමා ගත්තේය. මුස්ලිම් පාතාලයේ රජු ලෙස එකල වැඡඹුණු ෆාජිගේ කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වන මංජල් අක්‍රම් ඔහුට මුණ ගැසෙන්නේ එහිදීය. ෆාජිගේ ඥාතියෙක් වූ බැවින් මාළිගාවත්තම එදා මංජල් අක්‍රම් හොල්ලා ගෙන සිටියේය.

කංජිපානිගේ මස් කඩයට නිතර එන යන පුද්ගලයෙක් බවට පත්ව සිටි මංජල් අක්‍රම් දිනක් කංජිපානි ඉම්රාන් අතට සිගරට් බණ්ඩලයක් තබමින් පවසන්නේ එය පරිස්සම් කර තබන ලෙසය. ඒ රට සිගරට්ය. හොර රහසේ මෙරටට ගෙන්වා තිබුණු එම සිගරට් තොගය සමඟ කංජිපානි ඉම්රාන්ව පොලිසියට හසුවන්නට ගතවන්නේ පැය කිහිපයක් පමණි. කංජිපානි ඉම්රාන්ගේ ඉරණම තීරණය වන්නේ එතැන් සිටය. පාතාලයට වැටෙන කංජිපානි ඉම්රාන් ගංජා පානයටද තදින්ම ඇබ්බැහි වූයේය. ඔහු ගංජා පානය කරන්නේ මංජල් අක්‍රම් සමඟිනි.

පාතාලයට එරෙහි පොලිස් මෙහෙයුම් දැඩි වෙමින් ෆාජි ඇතුළු මුස්ලිම් පාතාලයේ මහා බල කණු පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මරමුවට පත්වන විට මංජල් අක්‍රම් සිය ජීවිතය ආරක්ෂා කර ගන්නට පනින්නේ නුවරඑළියටය. එහෙත් ඔහුට වැඩි කාලයක් නුවරඑළියේ සැඟව සිටින්නට ඉඩක් නොවීය. ඔහු සදාකාලිකවම අතුරුදන් වූ පුද්ගලයෙක් බවට පත්වන්නේ සන්නද්ධ පිරිසකගේ පැහැර ගැනීමකට ලක්වය.

සිය සගයාගේ අතුරුදන්වීමෙන් පසු එම සගයාගේ බිරිය සහ දරුවන් බලා කියා ගැනීමේ වගකීම කරට ගන්නේ කංජිපානිය. ඒ වන විට කංජිපානි ඉම්රාන්ද සිටියේ විවහාකවය. ඔහුට එම බිරියට දාව දරුවන් දෙදෙනෙක් ද සිටියේය. සිය මිතුරා වූ මංජල් අක්‍රම්ට ද දරුවන් දෙදෙනෙක් සිටියේය. මංජල් අක්‍රම්ගේ බිරියට කංජිපානි ඉම්රාන් කිට්ටු වීම ෆාජිගේ සහෝදරයෙක් වූ බයියාට එතරම් රිස්සුවේ නැත. ඇහැට කණට පෙනෙන සුරූපී කාන්තාවක් වූ මංජල් අක්‍රම්ගේ බිරියට ඒ වන විටත් බයියා සිටියේ ඇස ගසාගෙනය. එබැවින් බයියා විසින් අවස්ථා දෙකකදීම කංජිපානි ඉම්රාන්ට කොකා ගස්සා තිබුණේය. ඒ අවස්ථා දෙකකදීම දිවි ගලවා ගන්නා කංජිපානි 2015 වසරේ මාර්තු 28 වෙනිදා රටින් පනින්නේ බයියාගෙන් ජීවිතය ගලවා ගන්නටය. එහි ගොස් වැඩි කාලයක් යන්නට මත්තෙන් ආයෝජන වීසා බලපත්‍රයක් ලබා ගන්නා ඔහු මංජල් අක්‍රම්ගේ බිරිය සහ දරුවන් දෙදෙනාව එරටට ගෙන්වා ගත්තේය. ඒ ඇගේ නමින් ඔහු එරටින් මිලදී ගත් නිවසකටය. පසු කාලයේ ඔහු සිය දරුවන් දෙදෙනාව ද ඩුබායි ගෙන්වා ගත්තේය. මංජල්ගේ සහ ඔහුගේ දරුවන් එරට ජාත්‍යන්තර පාසලකට පවා ඇතුළත් කරනු ලැබීය. දැන් මංජල් අක්‍රම්ගේ බිරියට දාව ද කංජිපානි ඉම්රාන්ට දරුවෙක් සිටී. මේ දරුවන් පස් දෙනාටම ඔහු වෙනසක් නොකරමින් සලකන්නේ තමන්ගේ දරුවන්ට සේය.

පොලිසිය පවසන්නේ කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලේඛනය සැකසෙන්නේ ඩුබායි ගිය පසු බවය. ඔහු ඩුබායි සිට මෙරට සිටින සිය ගෝලබාලයන් යොදා කර ඇති ඝාතන ගණන පමණක් 03 කි. ඝාතන තැත්කිරීම් 15 කට වැඩිය. ඒ අතර ඔහුගේ නීත්‍යානුකූල බිරියගේ ඝාතනයද සටහන් වී තිබීම විශේෂිතය.

ගයාන් කුමාර වීරසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නත්තල් දා වෙස්වලාගෙන රටින් පනින බව බුද්ධි අංශ කල් තියාම දැනන් ඉඳලා! ඉන්දියාවට යන්න මන්නාරමෙන් බෝට්ටුවකට නැග්ගේ ‌ප්‍රබල දේශපාලඥයකුගේ සහෝදරයාගේ රැකවරණයෙන්! ඇප ලැබුණු ගමන් පාතාලයේ ගෝඩ්ෆාදර් කංජිපානි ඉම්රාන් රටින් පැන්නෙ මෙහෙමයි!
නත්තල් දා වෙස්වලාගෙන රටින් පනින බව බුද්ධි අංශ කල් තියාම දැනන් ඉඳලා! ඉන්දියාවට යන්න මන්නාරමෙන් බෝට්ටුවකට නැග්ගේ ‌ප්‍රබල දේශපාලඥයකුගේ සහෝදරයාගේ රැකවරණයෙන්! ඇප ලැබුණු ගමන් පාතාලයේ ගෝඩ්ෆාදර් කංජිපානි ඉම්රාන් රටින් පැන්නෙ මෙහෙමයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcS1x0oYWIeecViftzVlu0tNFD5kVDUEilkbR6vpeEHEkZW28rgDbBWpkqcRdySsB7fGm5AdfKk6Xy5httyusg0nmH9Dixpvr2YkACfxwky4a7L0KrhTn65TKL8l8urkHSrBmrfJ4tJoRMqPjrHgkylG2B-Yufgga2GB5MnAvwGcW3i1b7k9GiuA/w320-h166/kanjipani-imran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcS1x0oYWIeecViftzVlu0tNFD5kVDUEilkbR6vpeEHEkZW28rgDbBWpkqcRdySsB7fGm5AdfKk6Xy5httyusg0nmH9Dixpvr2YkACfxwky4a7L0KrhTn65TKL8l8urkHSrBmrfJ4tJoRMqPjrHgkylG2B-Yufgga2GB5MnAvwGcW3i1b7k9GiuA/s72-w320-c-h166/kanjipani-imran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy